පසුගිය මාර්තු මාසයේදී Call of Duty Mobile game එක pre-registration සඳහා විවෘත කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් මේ mobile game එකේ beta සංස්කරණයක් Android සහ iOS සඳහා ඉදිරි සතිය ඇතුලත නිකුත් කිරීමට සූදානම් බව Activition සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Team Deathmatch, solo-only Free-For-All, Frontline, Hardpoint, සහ Domination යන multiplayer modes 5ම මෙයට අන්තර්ගත වන අතර Free-for-all යන mode එකට හැර අනෙකුත් සියළුම mode වලට උපරිමය players ලා 10 බැගින් සම්බන්ධ විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම වුණත් සාමාන්‍යය Call of Duty game වල දකින්නට ලැබෙන single-player mode එක තවමත් මෙහි අන්තර්ගත නොවන නමුත් Call of Duty: Black Ops සහ Call of Duty: Modern Warfare වල තිබෙන ආයුධ මේ game එකට ද ඇතුලත් කර ඇති බව Activistion සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙහිදී controls සඳහා “Simple Mode” සහ “Advanced Mode” යනුවෙන් mode දෙකක් ඇතුලත් වන අතර Simple Mode එක තෝරාගතහොත් ඔබ සතුරා වෙත aim කරන විට ස්ව්‍යංක්‍රීයවම වෙඩි තැබීම සිදු වෙනවා.

එමෙන්ම Advanced Mode එක තෝරාගතහොත් මෙසේ automatic firing පහසුකම disable වන නමුත් weapon තෝරාගැනීමටත්, Aim Down Sight පහසුකම භාවිතා කිරීමේදී තවත් weapon එකක් භාවිතා කිරීමටත් අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව Nuketown, Crash, Hijacked, Crossfire, Standoff, Killhouse, සහ Firing Range යන maps 7 ද මේ game එකට ඇතුලත් වෙන බවත්, ඉදිරියේදී Multiplayer mode එකට අමතරව තවත් modes හඳුන්වාදීමට නියමිත බවත් Activision සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

ඉතින් ඔබ තවමත් මේ Call of Duty Mobile game එක සඳහා pre-register වුණේ නැතිනම්, Google Play Store එක හරහා හෝ ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය ලියාපදිංචි වීමේ හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Activision Blog එක හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.