Apple සමාගම විසින් මේ වන විට වැඩිදියුණු කළ Touch ID පහසුකමක් වෙනුවෙන් patent බළපත්‍රයක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ අලුත් Touch ID පහසුකම in-display, එහෙමත් නැතිනම් Display එකට පසුපසින් අන්තර්ගත කර ඇති camera 4ක් හරහා ක්‍රියාත්මක වන අතර screen එකේ විශාල ප්‍රදේශයකින් ඕනෑම ස්ථානයක ඇඟිල්ල තැබීමෙන් device එක unlock කරගැනීමේ හැකියාව ලබාදීමට මෙයට හැකියාව තිබෙනවා.

Face ID පහසුකම භාවිතා කිරීමේදී මෙන්ම මේ අලුත් Touch ID පහසුකම හරහා ද අදාල ඇඟිලි වල 3D model එකක් නිර්මාණය කෙරෙනු ලබන අතර මේ හරහා military grade ආරක්ෂාවක් ලබාගතහැකි බව දැනගන්නට ලැබෙනවා.

ඉතාමත් නිරවද්‍යය ලෙස පුද්ගලයෙකු හඳුනාගත හැකි Face ID සහ මේ අලුත් Touch ID bio-metric authentication ක්‍රමයන් භාවිතා කරමින් අනාගතයේදී Passport එක වෙනුවට iPhone එක භාවිතා කළ හැකි ක්‍රමයක් හඳුන්වා දීමට Apple සමාගම බළාපොරොත්තුවෙන් සිටින බවත් වාර්ථා වෙනවා.

මේ පහසුකම දැනටමත් ක්‍රියාකාරී මට්මමේ prototype එකක් හරහා ලබාගත් ඡායාරූප භාවිතා කරමින් මෙම patent බළපත්‍රය ලබාගෙන ඇති බැවින් මෙම තාක්ෂණය නුදුරු අනාගතයේදීම නිකුත්වීමට නියමිත iPhone සඳහා අන්තර්ගත කෙරෙනු ඇතැයි අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය හා Patently Apple වෙබ් අඩවිය භාවිතා කළ හැක.