පසුගිය දින පැවැත්වුණු Google event එකේදී හදුන්වාදුන් තවත් සුවිශේෂී Device එකක් ලෙස Google home hub හදුන්වා දෙන්න පුලුවන්.

මීට පෙර තිබූ  Google Home smart speaker එකට අඩුපාඩුවක් ව තිබූ දෘශ්‍යය පණිවිඩ හුවමාරු කිරීමට තිබූ නොහැකියාව මෙන්ම විධාන ලබා දීමට කටහඬ පමණක් භාවිතා කිරීමට සිදු වීම යන අඩුපාඩු මගහරවමින් තමයි මේ Google home hub කියන අලුත් Device එක හදුන්වා දීමට Google සමාගම කටයුතු කරනු ලබන්නේ.

ඉතින් මේ ගැන Google Pixel 3 event එකේ ප්‍රධානතම එළිදැක්වීම් 5 ගැන වූ ලිපිය තුළින් විස්තර ඔබ වෙත ගෙන ආවා මතක ඇති.

කොහොම නමුත් මේ Google home hub හදුන්වා දීමත් සමගම Google home devices භාවිතයට පහසු කරන Android දුරකථන‍යේ ස්ථාපන කළ හැකි Google Home app එකත් අලුත් කරන්නත් Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අලුත් update එක හරහා මීට පෙර තිබූ  Google home app එකට වඩා හාත්පසින්ම අලුත් පෙනුමක් එක් කරමින් පරිශීලකයාට වඩාත් පහසුවක් ගෙන එන්නට Google සමාගම කටයුතු කර තිබෙනවා.

ඉතින් මේ හරහා පහසුවෙන්ම smart home devices වන smart bulb , switch වගේම උෂ්ණත්ව පාලක වගේ දේවල් ඉතාමත් පහසුවෙන් පාලනය කිරීමට හැකියාව ලබාදී තිබෙනවා.

එ් වගේම Account කියන Page එක හරහා ඔයා‍ගේ Google account එකේ activity වැනි විස්තර වගේම විවිධ සැකසුම් වගේ දේවල් බලාගන්න හැකියාව ලැබෙන අතර Browse page එකෙන් Chromecast apps හා වෙනත් ඔබ කැමති චිත්‍රපට, ටෙලිවිෂන් කතාමාලා වගේම music වගේ දේවල් ගැන තොරතුරු ඇතුලත් වෙනවා.

එමෙන්ම Discover page එක හරහා ඔබට නිතර වැදගත් වේවි යැයි සිතන recommended Assistant commands වගේ දේවල් එකතු කරන්නත් Google සමාගම කටයුතු කර තිබෙනවා.

මීට අමතරව මෙයට ඇතුලත් වන ඉතාමත් වැදගත් පහසුකමක් වනුයේ පවුලේ සාමාජිකයන් සමඟ මේ smart devices share කිරීමට හැකියාව ලබා දීමයි. මේ පහසුකම හරහා තම smart home එකට පවුලේ සාමාජිකයින් එකතු කිරීමට අවස්ථාව ලැබෙන අතර තනි තනිව තමන්ගේ account වලට ‌වෙන වෙනම devices add කිරීම අනවශ්‍යය වෙනවා.

මේ වන විට Google Play Store හරහා මේ update එක නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර ඔබත් මේ Google Home app එක භාවිතා කරන්නෙක් නම්, දැන්ම ඔබේ app එකත් update කරගැනීමෙන් මේ අලුත් පහසුකම් භාවිතා කිරීමට ඔබට හැකියාව ලැබේවි.

මේ පිළබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා androidcentral වෙබ් අඩවිය, xda-developers වෙබ් අඩවිය හා නිළ Google Blog අඩවිය භාවිතා කළ හැක.