Samsung සමාගම විසින් ලොව ප්‍රථම වතාවට 1TB storage chips නිෂ්පාදනය කරන්නට සමත් වූ බව ටික දිනකට කලින් ඔබව දැනුවත් කළා මතක ඇති.

ඉතින් ඒ ලිපියෙනුත් අපි කතා කළ විදිහට මොවුන්ගේ මීළඟට නිකුත් වීමට නියමිත ප්‍රධාන ජංගම දුරකථනය වන Samsung Galaxy S10 ජංගම දුරකථනය ගැන මේ වන විට නොයෙකුත් කටකතා පැතිරෙමින් තිබෙනවා.

කොහොම වුණත් ඔන්න දැන්, Samsung සමාගම විසින් මේ Galaxy S10 ජංගම දුරකථනයේ, මුද්‍රණය කිරීම වෙනුවෙන් සකස් කළ ඡායාරූප රැසක් අන්තර්ජාලයට එකතු වී තිබෙනවා.

මේ අනුව Samsung Galaxy S10 සහ S10+ යන ජංගම දුරකථන ද්විත්වයෙහිම මේ ආකාරයේ ඡායාරූප leak වී තිබෙන අතර මේ වන තුරු කටකතාවක් ව පැවති camera තුනක setup එක සහ Infinity O වර්ගයේ display එක මේ අලුත් ජංගම දුරකථනයට සැබැවින්ම අන්තර්ගත කර ඇති බව පෙනෙනෙන්ට තිබෙනවා.

එමෙන්ම මෙහි fingerprint sensor එකක් දකින්‍නට නොලැබෙන අතර වාර්ථා වන ආකාරයට ‍fingerprint sensor එක එක මාදිලියක පැත්තකින් ද අනෙක් මාදිලියේ display එක තුලටම ඇතුලත් කිරීමට ද මොවුන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව මේ Galaxy S10 ජංගම දුරකථනය හරහා Wireless Reverse charging, එහෙමත් නැතිනම් මේ ජංගම දුරකථනය හරහා වෙනත් ජංගම දුරකථනයක් Wireless charging තාක්ෂණය ඔස්සේ charge කරගැනීමේ හැකියාව ද ඇතුලත් වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, 91mobiles වෙබ් අඩවිය, slashleaks වෙබ් අඩවිය හා GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.