ගොඩක් වෙලාවට අපි Android Go version එක වගේ performance අඩු platform සඳහා විශේෂයෙන් නිර්මාණය කරලා තිබෙන Google Maps Go, Instagram Lite සහ Twitter Lite වගේ apps ගැන දැනටමත් දන්නවා.

ඒත් ගොඩ දෙනෙකුට මේ apps මේ තරම් light-weight වෙන්න හේතුව ‍හෝ මේවා වැඩ කරන විදිහ ගැන තාමත් ලොකු අදහසක් නැහැ.

2017 වර්ෂයේ පැවත් Chrome Dev Summit event එක අතරතුරදී Trusted Web Activities (TWA) යනුවෙන් අලුත් concept එකක් ගැන පැහැදිලි කිරීමට Google සමාගම කටයුතු කළා සමහර විට ඔබට මතක ඇති.

මේ වැඩසටහන හරහා Native Android activity එකක් භාවිතා කරමින් Web App එකක් full screen ආකාරයෙන් පෙන්වීමේ පහසුකම ලැබුණුත්, මේ වන විටත් ඔබ දන්නවා ඇති Apache Cordova වගේ platform වලත් මේ දේම වෙනවා කියලා.

ඉතින් මේ TWA වල තියන වෙනස තමයි, මේක වැඩ කරන්නේ අදාල phone එකේ තිබෙන default web browser එක හරහා වීමයි. ඒ වගේම මේ හරහා website එකට අදාල files offline assets විදිහට (Cordova based apps වල වගේ) තියාගන්නේ නැහැ.

Android සඳහා වන Google Chrome browser එකේ 68 වන version එකත් එක්ක මේ TWA පරීක්ෂා කරන්නට ඔවුන් කටයුතු කර තිබුණු අතර දැන් Chrome 72 සංස්කරණයත් සමඟින් මේ හරහා නිර්මාණය කරනු ලබන apps, Google Play Store එකට publish කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මේ පිළිබඳව Web App developer කෙනෙකු වන Maximiliano Firtman විසින් මෙම අවස්ථාව මුලින්ම දැක තිබෙන අතර මේ ගැන ඔහු විසින් blog post එකක් ද ලියන්නට කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් තවමත් Google සමාගම විසින් මේ ගැන නිළ ප්‍රකාශයක් නිකුත් කර නැතත්, Google Chrome Development team එකේ ප්‍රධානියා වන Paul Kinlan විසින් Twitter පණිවිඩයක් හරහා මෙම පහසුකම Chrome 72 සංස්කරණයත් සමඟින් නිකුත් කර ඇති බවත් මේ ආකාරයේ apps නිර්මාණය කිරීමට අවශ්‍යය වන දැනුම සහ resources ලබා දීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරමින් සිටින බව සනාථ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Fossbytes වෙබ් අඩවිය, Packtpub වෙබ් අඩවිය හා Medium blog එක භාවිතා කළ හැක.