මෑත කාලීනව Google Chrome වලට විවිධ විදිහේ පහසුකම් එකතු කරන්නට Google සමාගම කටයුතු කරනු ලැබූ බව දැනටමත් ඔබට වැටහී තිබෙනවා ඇති.

ඔන්න දැන් Google Chrome වලට අලුතින්ම එකතු වීමට නියමිත පහසුකමක් වන Lookalike URLs, එහෙමත් නැතිනම් පෙනුමින් සමාන URL ගැන පරිශීලකයා දැනුවත් කිරීමේ පහසුකමක් ගැන තමයි මේ තොරතුර වාර්ථා වෙන්නේ.

උදාහරණයක් විදිහට goog1e.com කියන URL එක ගතහොත්, එහි l වෙනුවට 1 ඉලක්කම භාවිතා කර තිබෙන බව ඔබට පෙනෙනවා ඇති.

Phishing attack එකකදී ‍ඉහත සඳහන් කළ URL එක ඉතාමත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරන්නට attacker කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. පෙනුමින් එය google.com වලටම සමාන නිසාවෙන් පරිශීලකයා හට මේ ගැන සැකකයක් ඇති වන්නේ ඉතාමත් කළාතුරකින්.

ඉතින් මේ අලුතින් එකතු වන පහසුකම හරහා මෙවැනි පෙනුමින් සමාන URL හඳුනාගෙන ඒ බව පරිශීලකයා හට notification එකක් මගින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

මේ වන විට මෙම පහසුකම Chrome Canary හරහා අත්හදා බළමින් පවතින අතර, ඉතාමත් ඉක්මණින්ම මෙය stable builds වලට එකතු කිරීමට Google සමාගම කටයුතු කරාවි යැයි අනුමාන කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා Ghacks වෙබ් අඩවිය භාවිතා කළ හැක.