Samsung සමාගම විසින් මෙම මස මුලදී පැවැත්වූ Galaxy Unpacked Event එක අතරතුරදී සඳහන් කරන ලද විශේෂිතම කාරණාවක් වූයේ ප්‍රධාන flagship හා midrange මාදිලි සඳහා Android සංස්කරණ තුනක් දක්වා updates ලබා දීමට තීරණය කිරීමයි.

Galaxy Unpacked August 2020 event එක අතරතුරදී එළිදැක්වූ ප්‍රධානතම එළිදැක්වීම් ගැන දැනගනිමු
Samsung සමාගම විසින් ඔවුන්ගේ Unpacked 2020 event එක[/samsung-galaxy-note-20-and-galaxy-fold-2-may-be-unveiled-on-august/] පසුගියඅගෝස්තු 5 වැනි දින පැවැත්වීමට කටයුතු කළ අතර එහිදී ඔවුන්ගේ Galaxy Note 20, GalaxyTab S7, Galaxy Watch 3 සහ GalaxY Buds Live යන devices එළිදැක්වීමට කටයුතු කරනුලැබුවා. එම…

මේ පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබ දැනුවත් කිරීමට කටයුතු කළ අතර මේ වන විට Samsung සමාගම විසින් මෙම මාදිලි ලැයිස්තුව නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා.

එම මාදිලි ලැයිස්තුව වන්නේ,

Galaxy S Series

  • Galaxy S20 Ultra 5G
  • Galaxy S20 Ultra
  • Galaxy S20+ (Plus) 5G
  • Galaxy S20+ (Plus)
  • Galaxy S20 5G
  • Galaxy S20
  • Galaxy S10 5G
  • Galaxy S10+ (Plus)
  • Galaxy S10
  • Galaxy S10e
  • Galaxy S10 Lite

Galaxy Note Series

  • Galaxy Note20 Ultra 5G
  • Galaxy Note20 Ultra
  • Galaxy Note20 5G
  • Galaxy Note20
  • Galaxy Note10+ (Plus) 5G
  • Galaxy Note10+ (Plus)
  • Galaxy Note10 5G
  • Galaxy Note10
  • Galaxy Note10 Lite

Galaxy Z Series (Foldables)

  • Galaxy Z Fold2 5G
  • Galaxy Z Fold2
  • Galaxy Z Flip 5G
  • Galaxy Z Flip
  • Galaxy Fold 5G
  • Galaxy Fold

Galaxy A Series

  • Galaxy A71 5G
  • Galaxy A71
  • Galaxy A51 5G
  • Galaxy A51
  • Galaxy A90 5G

Galaxy Tab S Series

  • Galaxy Tab S7+ (Plus) 5G
  • Galaxy Tab S7+ (Plus)
  • Galaxy Tab S7 5G
  • Galaxy Tab S7
  • Galaxy Tab S6 5G
  • Galaxy Tab S6
  • Galaxy Tab S6 Lite

මෙහි සඳහන් Galaxy S/Note ඇතුලු සියලුම Series වලින් නිකුත් වන නව මාදිලි වලටද වසර තුනක් දක්වා වූ updates ලබාදීමට Samsung සමාගම තීරණය කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung වෙබ් අඩවිය, නිළ Samsung Mobile Press වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.