2013 සැප්තැම්බර් පමණ වනවිට ඇමරිකාව තුළ පමණක් මිලියන 80 කට වඩා වැඩි පරිශීලකයන් සංඛ්‍යාවකට හිමිකම් කියූ ලෝප්‍රකට Blackberry සමාගම මේ වන විට තරඟකාරී ජංගම දුරකථනවෙළෙඳ පොළ තුළ රැඳී සිටීමට අපොහොසත් වූ වෙළඳ නාමයක් බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

Apple හා Samsung/Huawei වැනි උපාංග සමඟ තරඟ කිරීමට අපොහොසත් වීම හමුවේ 2016 වර්ෂයේදී BlackBerry ආයතනය ඔවුන්ගේ mobile phone නිෂ්පාදනය නවතා දැමූ අතර, ඉන් පසුව BlackBerry වෙළඳ නාමය යටතේ TCL සමාගම විසින් Android ජංගම දුරකථන 4ක් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුවත්, එය ද සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

මෙම පසුබිම තුළ 2020 පෙබරවාරි මාසයේ දී Blackberry දුරකථන අත්හිටුවන බව සමාගම නිවේදනය කල අතර 2020 අගෝස්තු 31 දින සිට TCL සමාගම සමඟ ඇති ගිවිසුම ද අවසන් වන අතර, මීළඟට, ඇමෙරිකාවේ ‍Texas ප්‍රාන්තයේ පිහිටි තාක්ෂණික සමාගමක් වන OnwardMobility විසින් BlackBerry වෙළඳ නාමය යටතේ නව ජංගම දුරකථනයක් එළිදැක්වීමට සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.

2021 වර්ෂයේදී නිකුත් කිරීමට නියමිත ජංගම දුරකථනය Android මෙහෙයුම් පද්ධතිය හරහා බළගැන්වෙනු ඇති අතර, 5G තාක්ෂණයෙන් සහ physical QWERTY keyboard එකකින් සමන්විත වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අලුත් BlackBerry ජංගම දුරකථනය පිළිබඳව අදහස් දක්වමින් එම ආයතනයේ CEO වන Peter Franklin කියා සිටියේ මෙම ජංගම දුරකථනය productive device එකක් වනු ඇති අතරම, එදිනෙදා භාවිතා කරන අනෙකුත් devices වල අන්තර්ගත වන හොඳ තත්ත්වයේ camera එකක් වැනි පහසුකම් ද අන්තර්ගත වනු ඇති බවත්, සාමාන්‍යය ජනතාවට දැරියහැකි මිලකට අලෙවි කරනු ඇති බවත් ය.

එමෙන්ම එය පරිශීලකයින්ගේ දත්ත වල ආරක්ෂාවට මුල් තැන දෙමින් නිර්මාණය කිරීමට සමාගම බලාපොරොත්තුවෙන් සිටින අතර "suite of end-to-end security solutions" ලෙස හඳුන්වා ඇති ආරක්ෂක විධිවිධාන වලින් සමන්විත වන බව දැන ගන්නට ලැබෙනවා.

Foxconn සමාගමේ උප සාමගමක් වන FIH Mobile ආයතනය විසින් මෙම ජංගම දුරකථනය නිෂ්පාදනය කරනු ඇති අතර 2021 වර්ෂයේ පළමු භාගයේදී මෙය උතුරු ඇමෙරිකානු සහ යුරෝපයීය වෙළඳපොලට ළඟාවනු ඇති බව ද වාර්ථා වෙනවා.

යම් හෙයකින්, පොරොන්දු වන පරිදි 2021දී මෙලෙස නව Blackberry උපාංගයක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කලහොත්,එය Blackberry උපාංග වලට ආදරය කල මිලියන ගණන් පරිශීලකයන්ට අස්වැසිල්ලක් වන ප්‍රවෘත්තියක් වනු නොඅනුමානයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, The Register වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා ක හැක.