Google සමාගම විසින් ඔවුන්ගේ Google Stadia සේවාව හඳුන්වාදීමට කටයුතු කළ බව පසුගිය මාර්තු මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ වන විට Nvidia සමාගම විසින් ඔවුන්ගේ GeForce Now game streaming සේවාව Android ජංගම දුරකථන සඳහා ලබාදීමට සූදානම් වන බව නිළ වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව flagship Android ජංගම දුරකථන සඳහා Android App එකක් නිකුත් කිරීමට Nvidia ආයතනය කටයුතු කරනු ලබන අතර මෙහි අත්දැකීම උපරිම අයුරින් විඳගැනීමට නම් Bluetooth Game-pad එකක් භාවිතා කළ යුතු වන බවත්, ඇතැම් games play කිරීමට game-pad එකක් අත්‍යවශ්‍යය වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

(Steam වැනි) ප්‍රසිද්ධ digital game stores සමඟින් එකතු වී ඒවායේ ඇති games මෙම සේවාව හරහා play කිරීමේ අවස්ථාව ලබා දීමටත්, දැනටමත් ඒ හරහා මිලදීගෙන ඇති games Nvidia GeForce Now මතදී නැවත මිලදීගැනීමකින් තොරව play කිරීමේ හැකියාව ලබාදීමටත් මොවුන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම අදාල games, PC, Mac හෝ Nvidia SHIELD හරහා play කිරීමේ අවස්ථාව දැනටමත් ඇති අතර මෙම වසර අවසාන වන විට තවත් platform එකතු කිරීමට ද ඔවුන් බළාපොරොත්තු වෙනවා.

දැනටමත් games 500කට අධික ප්‍රමාණයකට මේ GeForce Now සේවාව සහාය දක්වනු ලබන අතර තවත් games දහස් ගණනක් ඉදිරියේදී මෙයට එකතු කිරීමට ද ඔවුන් කටයුතු කරනු ලබන බව වාර්ථා වෙනවා.

මේ GeForce Now public beta සංස්කරණය සඳහා මේ වන විටත් GeForce NOW public beta ලබා දී තිබෙන අතර එය සූදානම් වූ විට Email මගින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Nvidia Blog එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.