Huawei සමාගම විසින් ඔවුන්ගේම Maps සේවාවක් මීළඟ ඔක්තෝම්බර් මාසයේදී එළිදැක්වීමට සූදානම් වන බව මේ වන විට වාර්ථා වෙනවා.

Map Kit නමින් හඳුන්වනු ලබන මේ සේවාව Google Maps මෙන් සෘජුවම පාරිභෝගිකයා අතට නොලැබෙන අතර මෘදුකාංග නිර්මාපකයන් හට ඔවුන්ගේ Street navigation apps නිර්මාණය කිරීම සඳහා මෙම සේවාව භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

මේ Huawei Map Kit සේවාව භාවිතා කරනු ලබන apps හරහා Google Maps වල මෙන්ම real-time traffic තත්ත්වය බලාගැනීමේ පහසුකම, Augmented reality තාක්ෂණය හරහා maps භාවිතා කිරීමේ හැකියාව වැනි පහසුකම් ද ඇතුලත් වන බව දැනගන්නට ලැබෙනවා.

මේ සඳහා අවශ්‍යය දත්ත ලබාගැනීම සඳහා තවත් ආයතන ගණනාවක් සමඟින් කටයුතු කිරීමටත්, ප්‍රධාන වශයෙන් රුසියානු තාක්ෂණික දැවැන්තයෙකු වන Yandex සමාගම සමඟින් ද එකතු වීමට කටයුතු කර ඇති අතර, දැනට Google Maps භාවිතා කරනු ලබන සේවාවක් වන Booking.com, Agoda.com වැනි දැවැන්ත වෙබ් අඩවි වල හිමිකරු වන Booking Holdings ආයතනය සමඟින් ද එක්ව කටයුතු කිරීමට මොවුන් තීරණය කර තිබෙනවා.

මේ වන විට ලොව විශාල ප්‍රමාණයක් Google ආයතනය විසින් ආවරණය කර තිබෙන බැවින්, Google Maps සමඟින් තරඟ කිරීමට නම් ඉතා විශාල වියදමක් දැරීමට Huawei සමාගමට සිදු වන බව බොහෝ දෙනා පෙන්වා දෙන අතර, විශේෂයෙන්ම ඇමෙරිකාව සහ Huawei සමාගම අතර ඇති ආරවුල් නිසාවෙන් ඔවුන්ගේම Maps සේවාවක් තිබීම වැදගත් වන බව ද බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Chinadaily වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.