බොහෝ දෙනෙක් නොදැනුවත්වම Google සමාගම විසින් මේ දක්වා Android ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ දත්ත, ජංගම දුරකථන සේවා සපයන්නන් වෙත ලබාදීමට කටයුතු කර ඇති අතර දැන් එම සේවාව නතර කිරීමට කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

2017 වර්ෂයේ සිට මේ ආකාරයෙන් Android ජංගම දුරකථන වල ඒ ඒ ප්‍රදේශ වලදී තිබෙන signal strength එක හා connection speed එක වැනි තොරතුරු අදාල ජංගම දුරකථන සේවා සපයන්නා හට නොමිලයේ ලබාදීමට කටයුතු කර ඇති අතර මෙම දත්ත භාවිතා කරමින් එම ප්‍රදේශයන් වල network coverage එක adjust කිරීම සඳහා සේවා සපයන්නන් හට හැකියාව ලැබෙනවා.

කොහොම වුණත් මේ වන විට පරිශීලක දත්ත වල ආරක්ෂාව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වීම මෙන්ම පසුගිය දින වල යුරෝපා කොමිසම විසින් මේ ආකාරයේ දත්ත අවභාවිතාවන් සඳහා විශාල ප්‍රමාණයේ දඩ මුදල් අය කරගැනීමට කටයුතු කිරීමත් සමඟින් මෙම සේවාව හැකි ඉක්මණින් නවත්වාදැමීමට Google සමාගම තීරණය කර තිබෙන බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා.

අදාල දත්ත වල quality එක පිළිබඳව වගකීමක් ගත නොහැකි නිසාවෙනුත්, එම දත්ත ලබා දුන්නද ජංගම දුරකථන සේවා සපයන්නන් ඔවුන්ගේ network upgrade කරගැනීම සඳහා විශාල කාලයක් ලබාගැනීමත් මෙයට හේතුව වශයෙන් Google සමාගම පෙන්වා දෙන බව Reuters වෙබ් අඩවිය ප්‍රකාශ කරනවා.


කොහොම නමුත් මේ ආකාරයෙන් දත්ත share කරනු ලබන එකම ආයතනය Google සමාගම පමණක් නොවන අතර මෙයින් ඔබ්බට ගොස් ඔබේ කැමැති අකමැතිකම් වැනි තොරතුරු පිළිබඳව වන දත්ත පවා රටවල් 50ක, සේවා සපයන්නන් 100 දෙනෙකුට අධික ප්‍රමාණයක් අතර share කිරීමට Facebook සමාගම ද කටයුතු කරනු ලබන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.