ඔබට මතකද මීට මාස කිහිපයකට කලින් අපි ඔබට අලුත් Smartphone brand එකක් ගැන තොරතුරු ගෙන ආවා. ඒ තමයි Nothing කියන smartphone brand එක.

මේ සමාගමේ ආරම්භය වගේම මේ අලුතෙන් එන්න නියමිත Smartphone එක ගැන එතනදි අපි සැකෙවින් කතා කලා ඔබට මතක ඇති.

අලුත්ම Smartphone brand එක “Nothing”
OnePlus සමාගමෙන් ඉවත්ව ගිය Carl Pei විසින් නවතම සමාගමක් ලෙස Nothing සමාගම ආරම්භකළ බවත් ඔවුන්ගේ පළමු commercial product එක වෙන Nothing Buds එක පිළිබඳවත් අපි මීටපෙර ලිපියකින් ඔබව

ඔන්න පොරොන්දු උන විදිහටම Nothing සමාගම සිය පළමු smartphone එක, Nothing Phone 1 ලෙස පසුගිය ජූලි 12 වන දා නිකුත් කල අතර, $399 කට එය ඔබට මිලදී ගත හැකියි.

iPhone 12 හා සමාන design එක

iPhone 12 වලට අතිශය සමාන boxy design එකක් මේ දුරකථනයට ලබා දී තිබෙනවා වගේම අඟල් 6.55 OLED Punch hole තිරයක්, 50mp ලෙස Wide හා Ultrawide dual camera system එකක්, 16mp ක selfie කැමරාවක් හා විශේෂත්වයක් ලෙස මෙතෙක් කිසිම smartphone එකක දකින්නට නොලැබුණ multiple LED notification indicator system එකක් සහිත Transparent back එකක් මේ අලුත් Phone එකේ දකින්නට ලැබුණා.

මේ Transparent back එක තුළ ඇතුළත් කර ඇති LED notification indicator system එක ඔබට අවශ්‍ය පරිදි customize කිරීමටද හැකියාව ලබා දී තිබෙනවා.

මෙය Nothing සමාගම විසින් Glyph interface ලෙස නම් කර තිබෙන අතර දුරකතනයේ ඇති මීට අදාළ setting ඔස්සේ ඔබට කැමති පරිදි මෙම customize කරගැනීම සිදු කරගත හැකියි

Customize කළ හැකි GLYPH Interface එක 

දුරකථනය නිකුත් කර තිබෙන්නෙ Android 12 සහ Nothing සමාගමේ Android skin එක වෙන Nothing OS සමඟින් වෙන අතර මෙම OS එක Stock Android වෙත සම්පූර්ණයෙන්ම සමාන වෙනවා වගේම එම Stock android අත්දැකිම සමඟ Nothing OS හි ඇති අලුත් පහසුකම්ද මෙම දුරකථනයත් සමඟ අත්විඳිය හැකියි.

මෙම දුරකථනයේ OS එක කෙතරම් clean හා සරළද කියනවා නම් Facebook App එක හෝ pre-install කර නොමැති අතර ඒ අනුව OS එක සම්පූර්ණයෙන්ම consumer focus ලෙස නිර්මාණය කර තිබෙන බව දැකගත හැකියි.

මේ හැරුණු විට වර්තමානය වන විට දුරකථනයක ඇතුළත් විය යුතු සියලුම පහසුකම් එනම්, Fast charging පහසුකම (33w), wireless charging පහසුකම, stereo speakers, Dual Sim සහ 5G පහසුකම, IP53 splash, water and dust resistant පහසුකම, වේගවත් UFS 3.1 මෙන්ම Optical in-display fingerprints පහසුමකද මෙහි ඇතුළත්.

එමෙන්ම මෙම දුරකථනය Qualcomm Snapdragon 778G+ 6nm 5G chipset එක මඟින් බලගැන්වෙන අතර, මෙම chip එක හා optimize කරන ලද Nothing OS එක නිසා මෙම දුරකථනයෙන් අනිවාර්යයෙන්ම ඉතාම හොඳ performance එකක් බලාපොරොත්තු විය හැකියි.

මෙය Mid range දුරකථනයක් ලෙස නිකුත් උවත්, මෙම දුරකථනය සමඟින් ඔබට Power adaptor එක නොලැබෙන අතර සුපුරුදු ලෙස Appla හා Samsung සිදුකරන්නාක් මෙන Power cable එකක් පමණක් ලැබෙනවා.

වාර්තා වෙන පරිදි මෙම දුරකථනයේ නිශ්පාදන කටයුතු ඉන්දියාවේදී සිදු වෙන අතර දුරකථනය නිකුත් කලේද ඉන්දියානු වෙළඳපොල මූලික කරගෙනයි.

ඉතිං මෙම දුරකථනය ශ්‍රී ලංකාවෙ ඔබටද මිලදී ගැනීමට හැකියාව තිබෙනු ඇතැයි බොහෝ විට අනුමාන කල හැකි අතර මිල බොහෝ දුරට රුපියල් 150,000 කට ආසන්න විය හැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.