OnePlus සමාගමෙන් ඉවත්ව ගිය Carl Pei විසින් නවතම සමාගමක් ලෙස Nothing සමාගම ආරම්භ කළ බවත් ඔවුන්ගේ පළමු commercial product එක වෙන Nothing Buds එක පිළිබඳවත් අපි මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

OnePlus සමාගමෙන් ඉවත් වුණු එහි co-founder වරයෙකු වන Carl Pei විසින් Nothing නමින් අලුත් company එකක් ආරම්භ කරයි
OnePlus සමාගමේ සම-නිර්මාතෘවරයෙකු වන Carl Pei එම සමාගමෙන් ඉවත්වීමට කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් කෙ

ඉතිං මෙම සමාගම පිළිබඳව තිබෙන නවතම තොරතුරු තමයි ඔවුන් ඉක්මනින්ම Smartphone ව්‍යාපාරයට එකතු වෙන්න සූදානමින් සිටිනවා කියන එක.

එළැඹෙන අප්‍රේල් මාසයේදී Nothing සමාගම සිය පළමු smartphone එක නිකුත් කරන්නට සූදානම් වෙන බව gsmareana, XDAdevelopers වැනි වෙබ් අඩවි කීපයක්ම වාර්තා කරලා තිබුණා.

පසුගිය සතියේ බාසිලෝනා හි පැවති MWC(Mobile World Congress) හි දී Pei විසින් මෙම දුරකථනයේ Prototype version එකක් Qualcomm සමාගමේ විධායක නිලධාරීන් කිහිපදෙකුටම ඉදිරිපත් කර තිබූ බව TechCruch වෙබ් අඩවියද වාර්තා කර තිබුණා.

ඔබට මතකද Nothing සමාගමේ පළමු commercial product එක උන Nothing earbud එක Semi Transparent housing එකක් සමඟ පැමිණි බව.

Semi-Transparent housing එකක් සමඟ පැමිණි Nothing Buds

ඉතිං ඇතැම් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සමාගමේ මෙම පළමු Smartphone එකත් මේ විදිහේ Semi Transparent housing එකකින් එන්න යම් ඉඩක් තිබෙන බවයි.

සුප්‍රකට chip set නිශ්පාදකයෙක් වෙන Qualcomm සමාගමත් සම්ඟ හවුල්කාරීත්වයෙන් මෙම දුරකථනය නිකුත් වෙන බව සඳහන් වෙන නිසා මෙම දුරකථනයට බොහෝ දුරට Qualcomm chip set එකක් ඇතුළත් වේවි.

එමෙන්ම බොහෝ මූලාශ්‍ර අනුමාන කරන්නේ Android operating system එක මෙහි ක්‍රියාත්මක වෙනු ඇති බව වෙන නමුත් මේ පිළිබඳව විශ්වාසදායී තොරතුරු නම් නැහැ.

ඉතිං මේ "Nothing" සමාගමේ අලුත් Smart phone එක ගැන දැනට කියන්න නම් වෙනත් විශේෂ තොරතුරු අප සතුව නැහැ. ඒත් ඉදිරියේදි මේ ගැන වාර්තා වෙන අලුත්ම තොරතුරු ඔබ සමඟ බෙදාගන්නත් අප සූදානම්.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.