iOS 16 developers beta 3 නිකුත් කිරිමෙන් පසුව, Apple සමාගම විසින් iOS 16හි පළමුවන public beta එක මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙතෙක් Apple සමාගම විසින් iOS 16 හි developers ලා සඳහා පමණක් beta version නිකුත් කර තිබූ අතර මේ වන විට Apple හි developer කෙනෙකු ලෙස register වි නොසිටියත් ඔබට දැන් iOS 16 හි පළමුවන public beta එක test කිරීමට හැකියාව පවතිනවා.

iOS 16 සමග ලැබෙන නවීකරණය කරන ලද Lock Screen එක

Apple සමාගම විසින් WWDC22 keynote එකේදී නිවේදනය කර සිටියේ iOS 16 සමඟ සම්පූර්ණයෙන්ම නවීකරණය කරන ලද Lock Screen එකක්, iMessages app එකෙහි ප්‍රධාන update කිරීම් සහ තවත් බොහෝ දේ තම පාරිභොගිකයන් වෙනුවෙන් ලබාදෙන බවයි.

iOS 16 සමග ලැබෙන ප්‍රධාන විශේෂාංග

කේසේ වෙතත් iOS 16 සහය දක්වන devices පිළිබදව මේ වන විටත් Apple සමාගම විසින් නිවේදනය කර ඇති අතර iOS 16 සහය දක්වන දුරකථනයක් ඔබට තිබේනම් තව දුරටත් iOS 16 හි මුල්ම අත්දැකිම ගැනීමට ඔබ බලා සිටිය යුතු නැත.

iOS 16 සහය දක්වනු ලබන devices
  • iPhone 13
  • iPhone 13 mini
  • iPhone 13 Pro
  • iPhone 13 Pro Max
  • iPhone 12
  • iPhone 12 mini
  • iPhone 12 Pro
  • iPhone 12 Pro Max
  • iPhone 11
  • iPhone 11 Pro
  • iPhone 11 Pro Max
  • iPhone XS
  • iPhone XS Max
  • iPhone XR
  • iPhone X
  • iPhone 8
  • iPhone 8 Plus
  • iPhone SE (2nd generation or later)

ඉහත list එකට අනුව ඔබගේ iPhone එකටත් iOS 16 භාවිතා කිරීමට සහය දක්වන්නේ නම්, ඔබට ඔබගේ iPhone එකේ Safari web browser එකෙන් beta.apple.com වෙත පිවිස ඔබට iOS 16 public beta version එක ලබා ගැනීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් ඔබ එදිනෙදා වැඩ කිරීම සඳහා භාවිතා කරන ඔබගේ iPhone එකට මෙම public beta version එක install කිරිමට අප විසින් නිර්දේශ නොකරනු ලබනවා.

තවමත් මෙය beta version එකක් නිසාවෙන් විවිධ වූ bugs ඇතිවිමේ හැකියාවක් ඇති අතර ඔබට වෙනත් backup iPhone එකක් ඇත්නම් එම දුරකථනයෙන් iOS 16 public beta version එක භාවිතා කරන මෙන් අප නිර්දේශ කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය, 9to5macවෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.