YouTube ආයතනය විසින් මීට දින කිහිපයකට පෙර "Live Q&A" නම් නව විශේෂාංගයක් හඳුන්වා දුන් අතර මෙමඟින් content creator ලා හට YouTube live එකක සිටින විට තම ප්‍ර‍ේක්ෂකයින් අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දීම පහසු කරනවා.

ඔබ YouTube live එකක සිටින විටදී Live Control Room (LCR) එකේ සිට ඔබට මෙම නව "Live Q&A" විශේෂාංගය භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර මෙහීදි ඔබට ඔබගේ ‍ප්‍රේක්ෂකයන් සමඟ on-topic questions නිර්මාණය කිරීමට, ප්‍ර‍ේක්ෂකයන් විසින් අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම සහ එම ගැටළු කළමනාකරණය කිරීමට ආදී වූ කාර්යයන් සිදු කිරීමට හැකියාව ලැබෙනවා.

Live ඒක නරඹන්නන් සමඟ තවත් හොඳින් engage විම සඳහා Live Polls වැනි option ද ඔබ‍ට දැන් භාවිතා කිරීමට හැකි බව YouTube Help නිළ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම YouTube live chat එක නිවැරදිව manage කිරීම අපහසු වීම බොහොමයක් YouTube නිර්මාණ කරුවන්ට තිබෙන ගැටළුවක් නිසාම YouTube ආයතනය විසින් blocked words, hold for review සහ reporting messages වැනි පහසුකම් මඟින් live chat එක moderate කිරීමට හැකියාව ලබාදී තිබෙනවා.

‍කෙසේ නමුත් ඔබගේ YouTube නාළිකාවේ moderatorsලා හට Live Q&A moderate කිරීමට හැකියාවක් නොමැති නමුත් channel manager හෝ editor වැනි නාලිකාවට අවසර ඇති පරිශීලකයින්ට Q&A කළමනාකරණය කිරීමට හැකි වනු ඇති අතර ප්‍රශ්න ලැයිස්තුව බැලීම, පිළිතුරු දීමට අවශ්‍ය ප්‍රශ්න තේරීම, ප්‍රශ්න ලැයිස්තුවෙන් ප්‍රශ්න ඉවත් කිරීම යනාදිය පාලනය කිරීමට අවස්ථාව මෙම නව Live Q&A පහසුකම හරහා ඔබට අත්විඳීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම සඳහන් කළයුතු විශේෂ කරුණක්නම්, ප්‍ර‍ේක්ෂකයන්ට ඔබගෙන් ඇසිය හැකි උපරිම ප්‍රශ්ණ සංඛ්‍යාවක සිමාවක් නොමැති නමුත් ප්‍රශ්න 200කට පසුව පැරණිම ප්‍රශ්ණ තව දුරටත් ඔබට බැලීමට හැකියාවක් නොලැබෙන බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා YouTube Help නිළ වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.