Google සමාගම විසින් ඔවුන්ගේ Pixel 4 ජංගම දුරකථනය ඔක්තෝම්බර් මස 15 වැනි දින එළිදැක්වීමට සූදානම් වන බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, OnePlus සමාගම විසින් ඔවුන්ගේ මීළඟ flagship ජංගම දුරකථනය වන OnePlus 7T ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානමින් සිටින අතර එම event එක සැප්තැම්බර් 26 වැනි දින එම event එක පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ event එක අතරතුරදී OnePlus 7T සහ OnePlus 7T Pro ජංගම දුරකථන එළිදැක්වීමට මොවුන් කටයුතු කරනු ඇති අතර ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා මෙන්ම YouTube හරහා ද මේ event එක සජීවීව නැරඹීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මේ event එක සඳහා වන invitation එක තුළ 90Hz screen එකට අමතරව මෙම ජංගම දුරකථන වල අන්තර්ගත වන වෙනත් කිසිඳු පහසුකමක් ගැන ඉඟියක් ඇතුලත් නොවන අතර වැඩි විස්තර දැනගැනීම සඳහා සැප්තැම්බර් මස 26 වැනි දින දක්වා බලා සිටීමට OnePlus ලෝලීන් හට සිදු වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා TNW වෙබ් අඩවිය භාවිතා කළ හැක.