දිගු කාලයක් තිස්සේ beta testings සිදු කිරීමෙන් පසුව මීළඟ ඔක්තෝම්බර් මාසයේදී macOS වල මීළඟ ප්‍රධාන සංස්කරණය වන macOS Catalina සංස්කරණය නිකුත් කිරීමට Apple සමාගම සූදානම් වෙනවා.

මෙම යාවත්කාලින කිරීම සමඟ නවතම විශේෂාංග රාශියක් Apple පරිශීලකයන් හට ලැබීමට නියමිත වන අතර, සාමාන්‍යය පරිදි Mac App Store එක හරහා මෙය නොමිලයේ download කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

iTunes මෘදුකාංගය ඉවත් වෙයි

පසුගිය ජුනි මාසයේදී iTunes සේවාව ඉවත් කිරීමට Apple සමාගම සූදානම් වන අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

වසර 18කට පසු iTunes සේවාව ඉවත් කිරීමට Apple සමාගම සූදානම් වෙන ලකුණු
දශක දෙකකට ආසන්න කාළසීමාවක් පුරාවට Apple පරිශීලකයන් හට music, movies, TV shows,podcasts භාවිතා කිරීමට සහ තමන්ගේ device එක manage කරගැනීම සඳහා භාවිතා කළ iTunesමෘදුකාංගය ඉවත් කිරීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා. ඒ වෙනුවට Music, TV, Podcasts වැනි අදාල සේවාවට වෙන වෙනම නිර්මාණය …

මේ වන තුරු macOS පරිශීලකයන් ඔවුන්ගේ mobile device එක mac පරිගණක සමඟින් සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරනු ලැබුවේ iTunes මෘදුකාංගයයි.  නමුත් මෙම නවතම යවත්කාලීන කිරීමත් සමඟින් mobile device පාලනය කිරීමෙ හැකියාව Finder window එක තුලට ලබා දීමටත්, music, movies, TV shows සහ podcasts ලෙස වෙනම මෘදුකාංග කිහිපයකට බෙදා වෙන් කිරීමටත් Apple සමාගම කටයුතු කර තිබෙනවා.

iPad apps mac පරිගණක වෙතට

ජුනි මාසයේ පැවති WWDC 2019 event එක අතරතුරදී හෙළි කළ පරිදි Project Catalyst නම් වූ framework එකක් හරහා iPad apps mac පරිගණක වල භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කිරීමේ හැකියාව ලබාදීමට Apple සමාගම සූදානම් වෙනවා.

WWDC 2019 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් ගැන දැනගනිමු
Apple සමාගමේ [https://en.wikipedia.org/wiki/Apple_Inc.] devices සඳහා වනsoftware වල සිදුවන වෙනස්කම් එළිදැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන WWDC event එකේ2019 වර්ෂය සඳහා වූ event එක [https://developer.apple.com/wwdc19/] පසුගිය ජුනි 3වැනිදා පැවැත්වුණා. මෙහිදී Apple සමාගම විසින් එළිදැක්වීමට කටයුතු ක…

macOS Catalina සංස්කරණය සමඟින් මේ පහසුකම ද macOS පරිශීලකයන් හට ලැබෙන අතර මේ අනුව iPad සදහා නිර්මාණය කර ඇති බොහෝ apps, mac පරිගණක මත ද භාවිතා කිරීමට හැකියාව ලබා දී ඇත.

ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වන Dark Mode එක

mac OS Mojave සමඟ macOS වෙත එක් කෙරුණු අලුත් පහසුකමක් වුණ Dark theme එක මේ mac OS Catalina සංස්කරණයේදී time schedule එකක් මත theme එක මාරු වීමේ පහසුකම පරිශීලකයන් හට ලබා දී තිබෙනවා.

Desktop extend කිරීමේ පහසුකම ​​

මෙම​ නව යාවාත්කාලීන කිරීමත් සමගම පරිශීලකයන් හට ඔවුන්ගේ පරිගණකයේ screen එක iPad එක වෙත extend කිරීමේ පහසුකම ලබා දී ඇත.

ScreenTime පහසුකම

මේ වන තුරු iOS වලට පමණක් සීමා වී තිබුණු Screen Time පහසුකම මේ අලුත් macOS සංස්කරණය හරහා පරිගණක වලටත් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ සියළු පහසුකම් මෙන්ම තවත් අලුත් පහසුකම් රාශියක් මෙම සංස්කරණයට ඇතුලත් වන අතර සියළුම පහසුකම් ගැන දැනගැනීම සඳහා Apple සමාගමේ නිළ වෙබ් අඩවිය භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.

macOS Catalina
macOS Catalina gives users even more of what they love. Dedicated apps for music, TV, and podcasts, a whole new class of Mac apps, and Sidecar.
නිළ Apple macOS Catalina වෙබ් පිටුව

mac OS Catalina සංස්කරණය ලැබීමට නියමිත පරිගණක

  • MacBook (2015 or newer)
  • MacBook Air (2012 or newer)
  • MacBook Pro (2012 or newer)
  • Mac mini (2012 or newer)
  • iMac (2012 or newer)
  • iMac Pro (from 2017)
  • Mac Pro (2013 or newer)
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.