අද මම කතා කරන්න යන්නේ Nokia ලගෙ ටිකක් අමුතු phone එකක් ගැන. ඒ තමයි Nokia 8 Sirocco කියන smartphone එක. Nokia එ‍කෙන් මේ phone එක එයාලගේ special edition එකක් විදිහට තමයි එලිදක්වලා තියෙන්නේ.

මේ smartphone එක එයාලාගේ flasgship series එකට තමයි අයිති වෙන්නේ. ඒ වගේම මේක Google සමාගමේ Android One කියන වැඩසටහන යටතේ නිකුත් වුණු device එකක් නිසා අපිට pure Android එහෙමත් නැත්නම් කිසිඳු වෙනස්කමක් නොකරන ලද Android මෙහෙයුම්පද්ධතියේ අත්දැකීම ලබාගන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් අළුත්ම software updates වගේම security patches එහෙමත් ඔයාට කෙලින්ම ලැබෙන්නේ Google එකෙන්. ඔයාලාට මතක ඇති අපි කලින් දවසක මේ Android One වැඩසටහනට අයත් Xiaomi Mi A1 එක ගැනත් කලින් ලිපියකින් සඳහන් කළා.

Nokia8Sirocco-techie

ඉතින් මේ phone එකේ නිමාව ගැන කතා කලොත් ඉදිරිපස හා පසු පස යන දෙකම gorilla glass 5 වලින් තමයි නිර්මාණය කරල තියෙන්නේ . ඒ වගේම මුළු phone එකම curved විදිහට තමයි නිමවලා තියෙන්නේ. මේකෙන් මෙයාලා බලාපොරොත්තු වෙලා තියන rich look එක නම් හොඳටම මේ smartphone එකට තියනවා. මේ phone එක IP67 water and dust resistance (up to 1.5m for 30 min) ලෙස නිර්මාණය කරන්නත් ඔවුන් කටයුතු කරලා තියනවා.

ඒ වගේම මේකට තියෙන්නෙ 5.5" P- OLED display එකක් මෙන්ම මේ display එක 1440×2560 ක පික්සල් අගයකින් (534 PPI density) හා (81.1% screen to body ratio ) එකකින් යුතු වනවා.

  • Qualcome snapdragon 835 _chipset
  • Octa-core (4×2.5GHzKrYo/4x1.8GHzKrYo) CPU
  • Adreno 540_ GPU

සමගින් බලගැන්වෙන මෙහි ධාවනය වන්නේ ඇන්රොයිඩ් 8.0 (Android One), මෙහෙයුම් පද්ධතියයි.

කැමරා එක ගැන කතා කලොත් primary කැමරා එක dual 12MP (f/1.8,1.4um) + 13MP (f/2.6,1.0um) සහිත වන අතර 2x දක්වා optical zoom කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම 2160P@fps30/1080P@fps60 දක්වා වීඩියෝ කිරීමේ හැකියාව පවතිනවා. ඉදිරිපස කැමරා 5MP(f/2.0,1.4um) 1080P@30fps වනවා.

Nokia8Sirocco-Carl-Zeiss-techie

ඔයාලාට ඉස්සර ඉඳන්ම දකින්න පුළුවන් වෙලා ඇති Nokia ලා එයාලාගේ flagship phones වල camera වල lens එකට ගන්නේ ලෝකප්‍රසිද්ධ Carl Zeiss ලාගේ lenses. ඉතින් ඔන්න මේ phone එකෙත් ඒක ඒ විදිහටම තියනවා.

Nokia8Sirocco_04_optics-optimised-techie

ඒ වගේම GoPro Camera Mode කියලා mode එකක් මේ phone එකේ තියනවා. ඉතින් ඔයා මේ mode එකට මාරු වුණාම, Camera එකේ white balance, focusing, ISO, shutter speed වගේ manual controls හැම එකක්ම වගේ ඔයාට පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේ controllers වලින් වෙනස් වෙන හැම දෙයක්ම realtime ම අපිට display එක හරහා දැකගන්නත් පුළුවන්.

මීට අමතරව මෙහි බැටරිය non-removable Li-Ion 3260mAh වන අතර ,මෙම දුරකථනය 128GB×6GB මතක ධාරිතාවයකින් ද යුතු වෙනවා.