පසුගිය දින වල Microsoft සමාගම විසින් තමන්ගේ Edge Browser එක Google Chromium මත පදනම් වූ අලුත් browser එකක් ලෙස එළිදක්වන්නට සූදානම් වන බව ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, Mozilla ආයතනය විසින් ඔවුන්ගේ Firefox web browser එකේ අලුත් tab මත advertisements පෙන්වීමට කටයුතු කරනු ලබන බවත් වාර්ථා වෙනවා.

මේ අනුව Windows, Linux ඇතුළු සියළුම desktop platform වලදී Firefox browser එකේ අලුත්ම සංස්කරණය වන 64 සංස්කරණයෙහි විවෘත කරනු ලබන අලුත් tab වල මේ advertisements දැකගැනීමට හැකියාව ලැබෙන අතර මේ පිළිබඳව ලොව පුරා Firefox පරිශීලකයින් ගණනාවක් විසින් තහවුරු කර තිබෙනවා.

මෙම වෙළඳ දැන්වීම click කිරීමෙන් පසුව Booking.com වෙබ් අඩවිය වෙත පරිශී‍ලකයාව යොමු කෙරෙන අතර මෙය මූලිකව Firefox වලට එකතු කරනු ලබන අලුත් පහසුකම් ගැන පරිශීලකයන් දැනුවත් කිරීම සඳහා භාවිතා කළ Snippets යන පහසුකම බවත් දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම පරිශීලකයාට අවශ්‍යය නම් Preferences > Home > Snippets හරහා මෙය disable කිරීමේ අවස්ථාව තිබෙන නමුත් මූලිකව, එහෙමත් නැතිනම් default settings වලට අනුව මෙය enable කර තිබෙනවා.

කොහොම වුණත් මේ පිළිබඳව නිළ ප්‍රකාශයක් නිකුත් කිරීමට Mozilla ආයතනය තවමත් කටයුතු කර නොමැති බවත් වාර්ථා වෙනවා.

Update: 03/01/2019 7:24PM
ඉහත සඳහන් කර ඇති snippets හරහා ads පෙන්වීමට කටයුතු ‍නොකරන බවත්, එය අත්හදාබැලීමක් පමණක් වන බවත් Mozilla ආයතනය නිළ වශයෙන් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

Firefox භාවිතා කරන්නන් හට ස්තූතිය පුද කිරීමක් වශයෙන් වැදගත් වේවි යැයි සිතන දේවල් එහි පෙන්වන බවත්, ඒ වෙනුවෙන් මුදල් අය කිරීමක් නොකරන බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා. ~ Softpedia
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, MS Power User වෙබ් අඩවිය හා Reddit වෙබ් අඩවිය භාවිතා කළ හැක.