Nokia S40 මෙහෙයුම් පද්ධතිය මගින් බළගැන්වෙන ජංගම දුරකථන වල WhatsApp භාවිතා කිරීමේ හැකියාව අද දින සිට අහිමි වී යන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

වසර කිහිපයකට පෙර මේ WhatsApp සේවාව BlackBerry 10, BlackBerry OS, Nokia Symbian S60, Windows Phone 8.0, Nokia S40, Android 2.3.7 සහ පැරණි සංස්කරණ වගේම iOS 7 හා එහි පැරණි සංස්කරණ වලට සහාය දැක්වීම අවසන් කළ අතර අද දින සිට මේ අතහැර දැමූ මෙහෙයුම් පද්ධති අතරට Nokia S40 මෙහෙයුම් පද්ධතියද එකතු වෙනවා.

Nokia S40 කියන්නේ වසර කිහිපයකට පෙර නිකුත් වූ Nokia smart feature phone සඳහා Nokia සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ මෙහෙයුම් පද්ධතියක් වන අතර Nokia සමාගම Microsoft සමාගම විසින් මිළට ගැනීමෙන් පසුව මෙම මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කිරීම නවතා දමනු ලැබුවා.

කොහොම වුණත් Nokia Asha 201, Nokia Asha 205, Nokia Asha 210, Nokia Asha 230, Nokia Asha 500, Nokia Asha 501, Nokia Asha 502, Nokia Asha 503, Nokia 206, Nokia 208, Nokia 301, Nokia 515 වැනි ජංගම දුරකථන බළගැන්වෙන්නේ මේ Nokia S40 මෙහෙයුම් පද්ධතියකිනුයි.

Operating system එක අනුව භාවිතා කළ හැකි උපරිම කාළසීමාව
  • Nokia Symbian S60 - June 30, 2017 දක්වා
  • BlackBerry OS සහ BlackBerry 10  - December 31, 2017 දක්වා
  • Windows Phone 8.0 සහ පැරණි සංස්කරණ - December 31, 2017 දක්වා
  • Nokia S40 - December 31, 2018 දක්වා
  • Android versions 2.3.7 සහ පැරණි සංස්කරණ - February 1, 2020 දක්වා
  • iPhone iOS 7 සහ පැරණි සංස්කරණ - February 1, 2020 දක්වා

මේ අනුව ඉහත සඳහන් කළ මෙහෙයුම් පද්ධති අතරින් Nokia S40 මෙහෙයුම් පද්ධතිය සඳහා වන WhatsApp සේවාව භාවිතා කිරීමේ අවස්ථාව තවදුරටත් නොලැබෙන අතර 2020 වර්ෂය වන විට ඉහත සඳහන් කළ සියළුම මෙහෙයුම් පද්ධති වලදී මෙම සේවාව භාවිතා කිරීමේ හැකියාව නොමැති වී යන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp Blog එක සහ Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.