Xiaomi සමාගම විසින් සිය MIUI 12 සංස්කරණය නිකුත් කළ දිනයේ සිටම, සතිපතා beta builds සමඟ නව විශේෂාංග එකතු කිරීමට කටයුතු කරමින් සිටින බව දැකගත හැකි වෙනවා.

මේ වනවිට Mi 10 Ultra ජංගම දුරකතනය සඳහා නවතම MIUI 12 beta build එකත් සමග “Xiaomi Device Control” නමින් නව app එකක් හඳුන්වාදීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙන අතර මෙම පහසුකම Huawei Multi-Screen Collaboration එකට සහ Microsoft Your Phone App එකට බොහෝ දුරට සමාන වෙනවා.

මේ මස මුලදී Xiaomi සමාගම විසින් සිය 10 වන සංවත්සරය වෙනුවෙන් Mi 10 Ultra සහ Redmi K30 Ultra යන ජංගම දුරකතන හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

120x දක්වා Zoom කළ හැකි Lens එකක් හා විනිවිද පෙනෙන rear design එකක් සමඟින් Xiaomi Mi 10 Ultra ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානම් වෙයි
Mi Series එකට වසර 10ක් පිරීම නිමිත්තෙන් එහි සැමරුම් උළෙලක් අගොස්තු 11 වන දිනපැවැත්වීමට Xiaomi සමාගම මේ වන විට සූදානමින් සිටිනවා. මෙම දස වර්ෂ පූර්ණය සැමරීමේ උපාංගයක් ලෙස, එනම් Mi 10 ජංගම දුරකථනයේ ExtremeCommemorative Edition එකක් ලෙස නිකුත් කරන්නට නියමිත Xiaomi Mi 10 Ultraමාදිලියෙහි ඡායාරූප කිහිප…

කෙසේ වෙතත්, නව Xiaomi Device Control app එක දැනට ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ Mi 10 Ultra සහ Mi Notebook Pro 15 2020 (laptop) සඳහා පමණක් වන අතර ඉදිරි සතිවලදී Xiaomi සමාගමෙන් තවත් smartphone සහ laptop මාදිලි සඳහා මෙය හදුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වෙනවා.

මෙම app එක මඟින් ලබා දෙන විශේෂාංග භාවිතා කිරීම සඳහා පරිශීලකයින් විසින් මෙම පහසුකම දැනට ලබාදී ඇති ඔවුන්ගේ Xiaomi laptop පරිගණකයේ Mi Share PC (Mi AIoT) නමින් තවත් app එකක් ස්ථාපනය කර තිබිය යුතු වෙනවා.

මෙම app එක පිළිබඳව මුලින්ම වාර්තා කරන ලද්දේ Telegram channel එකක් වන @miuiknoun (via XDA-Developers) විසින් වන අතර එම Telegram channel එකට අනුව මෙම app එක මගින් ඔබට ඔබගේ smartphone එකේ සිට ඔබේ පරිගණකයට Wi-Fi හරහා screen එකෙහි අන්තර්ගතය broadcast කිරීම මෙන්ම එය පරිගණකයෙන් පාලනය කර files transfer කිරීමටද හැකියාව තිබෙනවා.

පහත screenshots වලට අනුව මෙම අංගය Screen Combo ලෙස හැඳින්වීමට අපේක්ෂා කෙරෙන නමුත් මෙම විශේෂාංගයෙහි stable release එකක් නිකුත් කරන විට නම වෙනස් විය හැකිය.

Screen mirror කිරීම සහ files transfer කිරීමට අමතරව මෙමගින් පරිගණකයේ සිට දුරකථනයේ multiple windows විවෘත කිරීමට සහ PC එක මගින් සෘජුවම දුරකථනයේ ගොනු edit කිරීමටද හැකියාව ලැබෙනු ඇති බව වාර්තා වෙනවා.

මෙම MIUI විශේෂාංගය වඩ‍ාත් විධිමත් internal beta testing කටයුතු වලින් පසුව 2020 සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර මෙහි stable version එක 2020 ඔක්තෝම්බර් මාසයේදී එළිදැක්වීමට අපේක්ෂා කෙරේ.

කොහොම නමුත් Xiaomi නොවන laptop පරිගණක සඳහා මෙම පහසුකම ලබා දෙනු ඇත්ද යන්න පිළිබදව තවමත් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.