Mi Series එකට වසර 10ක් පිරීම නිමිත්තෙන් එහි සැමරුම් උළෙලක් අගොස්තු 11 වන දින පැවැත්වීමට Xiaomi සමාගම මේ වන විට සූදානමින් සිටිනවා.

මෙම දස වර්ෂ පූර්ණය සැමරීමේ උපාංගයක් ලෙස, එනම් Mi 10 ජංගම දුරකථනයේ Extreme Commemorative Edition එකක් ලෙස නිකුත් කරන්නට නියමිත Xiaomi Mi 10 Ultra මාදිලියෙහි ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට එකතු වී තිබෙන අතර එමඟින් මෙම එළිදැක්වීමට නියමිත flagship උපාංයේ බොහෝ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම උපාංගයේ Quad Camera setup එකක් ඇති බව පෙනෙන්නට තිබෙන අතර ඉහළ කොටසේ 120X දක්වා zoom කල හැකි periscope lens එකක් ඇතුළත් වන බව දැකගැනීමට හැකියාව ලැබෙනවා.

Samsung සමාගම ඔවුන්ගේ Galaxy S20 Ultra ජංගම දුරකථනය සමඟින් space zoom නමින් හඳුන්වාදෙන ලද 100X දක්වා zoom කලහැකි 108MP lens එකක් හඳුන්වාදීමට කටයුතු කලද, එය ප්‍රායෝගික භාවිතාවේදී සාර්ථක නොවීමේ පසුබිම තුළ එය හුදෙක්ම marketing strategy එකක් බවට පත් වූ අතර ඒ නිසාම අලුතෙන්ම නිකුත් කරන්නට යෙදුණු Note 20 Ultra එක සමඟින් එය 50X දක්වා downgrade කිරීමටද කටයුතු කරනු ලැබුවා.

එම නිසා Xiaomi සමාගමේ මෙම 120X zooming තාක්ෂණය පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් පසුවන අතර, වාර්තා වන පරිදි Mi 10 Ultra උපාංගය 12mm සිට 120mm focal length අතර ප්‍රමාණයක ඡායාරූප සඳහා මෙන්ම, 8K video recording සඳහාද සහාය දක්වනවා.

කොහොම නමුත් මෙම Quad Camera setup එක සකස් වී තිබෙන්නේ කුමන ප්‍රමාණයේ Megapixel අගයන්ගෙන්ද යන්න මේ වන තෙක් වාර්තා වී නැති බවත් මෙහිදී සඳහන් කලයුතු වෙනවා.

එමෙන්ම මෙහි Ceramic Black නම් color variant එකක්ද නිකුත් වනු ඇති බව වාර්තා වන අතර එහි transparent rear glass එකක්, එනම් විනිවිද පෙනෙන පසුපස cover එකක් ඇතුළත් වන බව සඳහන් වන නමුත් සැබැවින්ම මෙය transparent glass එකක් ද, නැති නම් glass එකට යටින් තබා ඇති sticker එකක් ද යන්න පිළිබඳවත් තවමත් පැහැදිලි තොරතුරක් වාර්ථා වී නැහැ.

කොහොම නමුත් Xiaomi Mi 10 Ultra ජංගම දුරකථනය සතුව අඟල් 6.67 ක AMOLED තිරයක්, Snapdragon 865 SoC එකක්, 100W හෝ 120W Fast Charging පහසුකම, 4500mAh බැටරියක්, next generation in-screen fingerprint reader එකක් ආදී සැලකියයුතු නව අංග රාශියක් ඇතුලත් වන බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, Gizmochina වෙබ් අඩවිය සහ Notebookcheck වෙබ් අඩවිය භාවිතා කළ හැක.