පසුගිය සති කිහිපය පුරාවට Huawei සමාගම විසින් ඔවුන්ගේ Harmony OS එක ඇතුලත් වන ජංගම දුරකථනයක් මෙම වසර ඇතුලත නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවට කටකතා පැතිර යනු දකින්නට ලැබුණා.

කොහොම නමුත් Huawei Consumer Business Group එකේ CEO වරයා වන Richard Lu විසින් තහවුරු කරන පරිදි මෙම වසර අගදී Huawei සමාගම විසින් Harmony OS එක ඔස්සේ බලගැන්වෙන ජංගම දුරකථනයක් නිකුත් කිරීමට සැලසුම් කර නොමැති බව නිළ වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් එයින් අදහස් කරන්නේ "2021 වසරේදී ද එවැනි උපාංගයක් නිකුත් කරන්නේ නැත" යන්න නොවන බවද මෙහිදී ඔහු විසින් අවධාරණය කර තිබෙනවා.

Huawei සමාගමේ අරමුණ වන්නේ හැකි උපරිම කාලයක් Android මෙහෙයුම් පද්ධතිය සමග සිය උපාංග නිකුත් කිරීම වන අතර සමාගමට මුහුණදීමට සිදුවන ඉතාම නරක කාලයක දී, Plan B එකක් ලෙස භාවිතා කළ හැකි ලෙස Harmony OS වැඩි දියුණු කිරීමයි.

දැනට Harmony OS එක මඟින් Huawei සහ Honor Smart TV එක බලගැන්වෙන අතර ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Harmony OS 2.0 මඟින් Computers, Smart Cars, Smart Watch වැනි devices ද බලගැන්වීමට නියමිත වෙනවා.

Huawei සමාගම විසින් දැනට වසර තුනක් පමණ තිස්සේ Harmony OS එකෙහි development කටයුතු සිදුකරන අතර එය මුලින්ම 2019 වර්ෂයේ පැවති HDC - Huawei Developer conference එක අතරතුරදී එළිදක්වනු ලැබුවා.

Huawei සමාගමේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන HarmonyOS එක නිළ වශයෙන් එළිදැක්වීමට කටයුතු කරයි
Huawei සමාගමේ Hongmeng OS එක මේ සති‍ය ඇතුලත එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව[/huaweis-hongmeng-os-could-be-revealed-this-week/] පසුගිය අගෝස්තු මස 5 වැනි දිනඅපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට භාවිතා කිරීමට සූදානම් වන Huaweiසමාග‍මේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය ගැන නිළ …

එමෙන්ම බොහෝ දෙනෙක් අනුමාන කරනු ලබන්නේ මෙම මෙහෙයුම් පද්ධතියේ නවතම version එක 2020-HDC event එක අතරතුරදී එළිදක්වනු ඇති බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Sina වෙබ් අඩවිය (චීන) භාවිතා කළ හැක.