Microsoft සමාගම විසින් 2019 දී release කිරීමට නියමිතව තිබූ Surface Earbuds, 2020 November මස දක්වා කල් දැමීමට ඔවුන් පියවර ගනු ලැබුවා.

මේ Earbuds එකට අදාල user manual එක මේ වනවිට FCC හරහා නිකුත් වීමත් සමග Surface Earbuds ඉක්මනින්ම වෙළෙඳපොළට පැමිණෙනු ඇති බව බොහෝ දෙනා අනුමාන කරනු ලබනවා.

New Surface Earbuds – Break Free from Ordinary – Microsoft Surface
With Surface Earbuds, get ultra-comfortable design with silicone ear tips, full touch and voice controls, screen-free access to Office 365, immersive sound, and all-day battery.

User manual එකෙහි සදහන් වන වඩාත්ම සිත් ගන්නා සුළු දෙයනම් Surface Earbuds වල ඇති විශාල රවුම් touch pads ලබාදී ඇති swipe gestures පිළිබඳ වන විස්තරයි.

Image: FCC
Image: FCC

එමෙන්ම user manual එකෙහි සදහන් වන ආකාරයට Surface earbuds සතුව පැය 8ක music playback කාලයක්ද, charging case එකත් සමග එය පැය 16ක් දක්වා battery life එක ඉහළ දැමීමට ද හැකියාව පවතින අතර Charging case එක USB-C හරහා charge කිරීමේ පහසුකමද අන්තර්ගත වෙනවා.

Image: FCC

මේ Surface earbuds හරහා dictation පහසුකම, එනම් කටහඬ text බවට පත් කරමින් Microsoft Office apps භාවිතා කිරීමේ හැකියාව ද අන්තර්ගත වන අතර මෙය $249.99 කට පමණ වෙළඳපොලට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ FCC වෙබ් අඩවිය භාවිතා කළ හැක.