Microsoft සමාගම දැන් සිය Xbox game pass subscription එක මිලියන 10 ක subscribers සංඛ්‍යාවක් සිටින බව ඊයේ තහවුරු කිරීමට කටයුතු කරනු ලැබුවා.

Microsoft සමාගම විසින් Xbox game pass subscribers සංඛ්‍යාව පිළිබඳව ප්‍රසිද්ධියේ තොරතුරු හෙළි කළ පළමු අවස්ථාව මෙය වන අතර, මෙම subscribers ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට හේතු වී ඇත්තේ කොරෝනා වයිරස් වසංගතය නිසා බොහෝ දෙනා නිවෙස් වලට වී video games play කිරීම නිසා බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා.

Windows 10 සහ Xbox Live භාවිතා කරන ජංගම උපාංග ඇතුළත් Xbox live සේවාවේ activer users ලා ප්‍රමාණය මෙම කාර්තුවේදී මිලියන 90 කට ආසන්න සංඛ්‍යාවක් කරා ළඟා වී ඇති අතර මෙම මිලියන 10ක Xbox game pass subscribers සංඛ්‍යාව ඉතා විශාල සන්ධිස්ථානයක් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබනවා.

Xbox Game Pass multiplayer statistics

EA සහ Origin ආයතන පසුගිය වසරේ subscribers මිලියන 5 පසු කල අතර Sony සමාගමේ PlayStation ආරම්භ වී වසර 5කට පසු, පසුගිය ඔක්තෝබර් මස subscribers ප්‍රමාණය මිලියනයකට ලගාවීමට සමත් වුණා.

Apple Arcade, Google Play Pass, සහ Nvidia සමාගමේ GeForce Now වැනි services වල subscribers මිලියනයේ සීමාව පසු කිරීමට එම සේවාවන් ආරම්භ කර කෙටි කාලයක් ඇතුලත සම්පූර්ණ කිරීමට ඔවුන් සමත් විය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Games Radar වෙබ් අඩවිය භාවිතා කළ හැක.