Epic ආයතනය සහ Apple සමාගම අතර මේ වන විට නීතිමය යුද්ධයක් ඇති වී ඇති බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

Fornite නිර්මාණය කළ Epic Games ආයතනයේ Developer account එක සම්පූර්ණයෙන්ම තහනම් කර දැමීමට Apple සමාගම කටයුතු කරයි
Fortnite game එක සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සහගත තත්ත්වය හමුවේ Epic Games ආයතනය සහApple සමාගම අතර ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳව මීට පෙර අපි ඔබව දැනුවත් කිරීමටකටයුතු කළා මතක ඇති. Google Play Store සහ Apple App Store වෙතින් Fortnite තහනම් කිරීමට Google සහApple සමාගම් කටයුතු කරයිපසුගිය අප්‍රේල් මාසය…

Apple සමාගමට විරුද්ධව නඩු පැවරීමට Spotify ආයතනය මෙන්ම Epic ආයතනය ද කටයුතු කළ අතර, මෙම නඩු වලට Microsoft සමාගම ද සම්බන්ධ වීමට කටයුතු කරනු ලැබුවා.

මෙම නඩු වාරයන් අතරතුරදී නීතීඥයින් විසින් අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් Microsoft සමාගම වෙනුවෙන් පෙනී සිටි Lori Wright ප්‍රකාශ කර සිටියේ Microsoft සමාගම Xbox Consoles අලෙවි කිරීම මගින් කිසිඳු ලාභයක් ඉපැයීමට කටයුතු නොකරන බවයි.

Xbox business development සඳහා උප සභාපති වශයෙන් කටයුතු කරන Lori Wright තවදුරටත් ප්‍රකාශ කර සිටියේ Xbox Consoles අලෙවි කිරීම මගින් කිසිඳු ලාභයක් ඉපැයීමට සමත් නොවන බවත්, අලෙවි කරනු ලබන devices සත්‍ය වශයෙන්ම පාඩු පිට අලෙවි කරනු ලබන බවත් ය.

එමෙන්ම Xbox ආරම්භයේ සිට මේ දක්වා අලෙවි කළ කිසිඳු Xbox console එකකින් ලාභ ලබා නොමැති දැයි යනුවෙන් නීතීඥයින් නැගූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් ඔහු සණාත කර සිටියේ "නැත" යනුවෙනුයි.

Microsoft සමාගමේ දීර්ඝකාලීන ඉලක්කය Hardware මගින් ලාභ ලැබීම නොව, තමන්ගේ softwares සහ services හරහා ලාභ ලැබීම බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් ‍පැහැදිලි කර සිටියේ Xbox consoles භාවිතා කරනුයේ ඔවුන්ගේ software සහ services වෙත පරිශීලකයින් ආකර්ෂණය කරගැනීම සඳහා පමණක් වන බවත් ය.


මීට අමතරව Sony සමාගම ද ඔවුන්ගේ PlayStation 5 සහ Series X/S යන devices හරහා කිසිඳු ආදායමක් නොලබන බවත්, Microsoft සමාගම මෙන්ම ඒවාද පාඩු පිට අලෙවි කරනු ලබන බවත් වාර්තා වෙනවා.

Hardware මගින් ආදායමක් ලබන එකම ආයතනය Nintendo ආයතනය පමණක් බව දත්ත් විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ Protocol වෙබ් අඩවිය භාවිතා කළ හැක.