ජංගම දුරකථනයේ සිට copy කරන ලද text එකක්, image එකක් හෝ file එකක් තමන්ගේ පරිගණකය තුල paste කරගැනීමට හෝ, පරිගණකය හරහා copy කරගන්නා ලද content එකක් ජංගම දුරකථනයට ලබාගැනීමට ක්‍රමයක් නොමැති වීම බොහෝ දෙනෙකුට මේ වන විට තිබෙන ප්‍රධාන ගැටළුවක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මේ නිසාවෙන් බොහෝ දෙනා අදාල content එක තමන්ටම email කරගැනීම, Cloud Storage සේවාවකට upload කර ඒ හරහා නැවත ලබාගැනීම වැනි ඉතාමත් කරදරකාරී උපක්‍රම රැසක් භාවිතා කරන බව නොඅනුමානයි.

කොහොම නමුත් මේ වන විට මෙම ගැටළුවට පිළිතුරක් ලබාදෙමින් OnePlus සමාගම ඔවුන්ගේ නවතම Clipt නම් වූ සේවාව හඳුන්වාදී තිබෙන අතර, මේ හරහා ඔබ ජංගම දුරකථනය (හෝ පරිගණකය) භාවිතයෙන් copy කරගන්නා text එකක්, photo එකක් හෝ file එකක්, ඔබේ පරිගණකයේ හෝ වෙනත් ඕනෑම device එකකදී paste කරගැනීමේ හැකියාව ලබා දෙනවා.

OnePlus සමාගමේ නව අත්හදාබැලීම් සිදු කරනු ලබන OneLap team එක විසින් හඳුන්වාදී ඇති මෙම සේවාව Android සඳහා app එකකින් ද, Windows සහ macOS සඳහා Chrome extension එකකින් ද සමන්විත වන අතර, iOS සඳහා app එකක් මේ වන විට develop කරමින් පවතිනවා.

Clipt - Apps on Google Play
Clipt creates a link between all of your devices to increase productivity. Seamlessly and safely send text, photos, and files over the cloud by synchronizing your clipboard. It’s as easy as copy on one device and paste on another and works in the background. Ever emailed yourself an image to get i…
Android app එක
Clipt
Clipboard in the cloud.
Chrome extension එක

මෙම සේවාව භාවිතා කිරීම සඳහා ඔබගේ Android ජංගම දුරකථනයේ Clipt app එක install කරගත යුතු වන අතර, පරිගණකයේ Chrome browser එක සහ Clipt extension එක install කරගත යුතු වෙනවා.

මේ හරහා දත්ත හුවමාරු කරගැනීමේදී අදාල පරිශීලකයාගේ Google Drive එක භාවිතා කරනු ලබන බැවින්, Clipt සේවාවට හෝ OnePlus සමාගමට ඒ හරහා ගමන් කරනු ලබන තොරතුරු නැරඹිය නොහැකි බවත්, පරිශීලකයාගේ තොරතුරු වල පෞද්ගලිකත්වය මේ හරහා ආරක්ෂා වන බවත් OnePlus සමාගම පෙන්වා දෙනවා.

එමෙන්ම Clipt සේවාව සඳහා Google Drive permission ලබාදීමේදී, එයට access කළ හැකි වන්නේ එම සේවාව විසින් upload කරනු ලබන files පමණක් වන බවත්, අවසානයට හුවමාරු කරගත් items 10 හැරුණු කොට, අනෙකුත් items ස්ව්‍යංක්‍රීයව delete වී යන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Clipt සේවාව සඳහා දැනට ලබාදී ඇති සංස්කරණය එහි මූලික සංස්කරණය වන බවත්, ඉදිරියේදී Firefox වැනි අනෙකුත් web browsers සඳහා ද මේ extension එක ලබාදීමට බළාපොරොත්තු වන බවත්, අනෙකුත් වැඩිදියුණු කිරීම් ද සිදු කිරීමට සූදානමින් සිටින බවත් අදාල developer වරුන් පෙන්වා දෙනවා.

Introducing Clipt - A new app by OneLab
[ATTACH] Last week we introduced the OneLab team, and this week we’d love to share an app we’ve been working on inspired by the Community. A little...

Google සමාගම විසින් මෑතකදී හඳුන්වාදුන් Nearby Share පහසුකමට මෙය මදක් සමාන නමුත්, ‍Clipt හරහා මෙය වඩාත් පුළුල් කරමින් Android සඳහා පමණක් නොව, ඕනෑම device එකකට පාහේ ඉතාමත් පහසුවෙන් අවශ්‍යය දෑ copy කරගැනීමට හැකියාව ලබාදෙනවා.

විශේෂයෙන්ම 2F Athentication වලදී ජංගම දුරකථනයට ලැබෙන code එක තවදුරටත් type කිරීම අනවශ්‍යය වන අතර Clipt හරහා එය copy කර, පරිගණකයෙන් paste කරගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus forum එක සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.