පසුගිය ජනවාරි මාසයේදී WhatsApp සමාගම විසින් ඔවුන්ගේ අලුත් privacy policy එක එළිදැක්වීමට කටයුතු කළ අතර, මෙය ලොව පුරාම අතිමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ බව ඔබට මතක ඇති.

කොහොම නමුත් මෙම අලුත් privacy policy එකේ තිබුණු data sharing policies නිසාවෙන් බොහෝ දෙනා එයට එකඟ වීමට අකමැත්ත පළ කළ අතර, මේ සමඟින් ලොව නන් දෙසින් එල්ල වූ විරෝධතාවය සමඟින් මෙම privacy policy එකට එකඟ වීමට ලබාදී තිබුණු කාලය පෙබරවාරි 8 වැනි දින සිට මැයි 15 දක්වා දීර්ඝ කිරීමට ද WhatsApp ආයතනය කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම මැයි 15 වැනි දින වන විට අදාල privacy policy එකට එකඟ නොවන්නන් හට සිදු වන දේ පිළිබඳව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා දැනුවත් කිරීමට ද කටයුතු කළ අතර, මේ අනුව යම් හෙයකින් ඔබ අදාල දිනය වන විට මෙම වෙනස්කම් වලට එකඟ නොවන්නේ නම්, WhatsApp හරහා calls ගැනී‍මේ පහසුකම අවහිර කෙරෙනු ඇති බවත්, ලැබෙන messages කියවීමට හෝ අලුතින් messages යැවීමේ හැකියාව අවහිර කෙරෙනු ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

WhatsApp වල අලුත් privacy changes වලට එකඟ නොවන්නන් හට සිදුවන දේ පිළිබඳව පැහැදිලි කිරීමට WhatsApp ආයතනය කටයුතු කරයි
පසුගිය ජනවාරි මාසයේදී WhatsApp සමාගම විසින් ඔවුන්ගේ අලුත් privacy policy එකඑළිදැක්වීමට කටයුතු කළ අතර, මෙය ලොව පුරාම අතිමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූබව ඔබට මතක ඇති. Facebook සමඟ ඔබගේ WhatsApp දත්ත share කරගැනීමේ නව Privacy Policy එකට එකඟනොවන්නේනම් WhatsApp භාවිතා කිරීමේ හැකියාව ඔබට අහිමි වෙ…

මේ සමඟින් බොහෝ WhatsApp පරිශීලකයින් Telegram සහ Signal වැනි platform වලට මාරු වන ආකාරය දැකගත හැකි වූ අතර, එවකට ලොව ධනවත්ම පුද්ගලයා වූ Elon Musk විසින් ද Signal භාවිතා කිරීම සඳහා ඔහුගේ අනුගාමිකයින් යොමු කරවීමට කටයුතු කරනු ලැබුවා.

WhatsApp වෙනුවට මිලියන ගණන් පරිශීලකයන් Telegram හා Signal වැනි සේවාවන් වෙත යොමු වෙමින් සිටින බව නවතම දත්ත මඟින් හෙළි වෙයි
ලොව පුරා අතිශය ජනප්‍රිය හා වැඩිම පිරිසක් භාවිතා කරන WhatsApp සේවාව විසින්පෙබරවාරි 8 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අලුත්ම terms and conditionsපිළිබඳව අපි TechNews.LK පාඨක ඔබව මීට පෙර දැනුවත් කළ අතර මේ වන විට මේ සම්බන්ධයෙන්ලොව පුරා අතිවිශාල කතාබහක් ඇති වී තිබෙනවා. Facebook සමඟ ඔබගේ WhatsApp …

කොහොම නමුත් මේ වන විට WhatsApp ආයතනය විසින් මෙලෙස අලුත් කොන්දේසි වලට එකඟ නොවන්නන් කෙරෙහි පැනවීමට සූදානම් වූ බාධක ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව අලුත් කොන්දේසි වලට එකඟ නොවූවන් හට මූලිකව ඒ සඳහා එකඟ වන ලෙස notifiation එකක් හරහා මතක් කිරීමට කටයුතු කරනු ඇති අතර, සති කිහිපයකින් පසුව එය ඉවත් නොවන reminder එකක් ලෙස පෙන්වීමට කටයුතු කරනු ලබනවා.

මෙලෙස ඉවත් නොවන reminder එකක් පෙන්වීම ආරම්භ වූ විට WhatsApp සේවාවේ භාවිතා කළ හැකි පහසුකම් ප්‍රමාණය සීවා වන අතර, chat list එක බැලීම අවහිර වෙනවා. කෙසේ නමුත් මේ තත්ත්වය යටතේදී ඔබට message එකක් ලැබුණහොත්, notification එක හරහා ගොස් එම message එක කියවීම සහ එයට reply කිරීමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම ඉහත ආකාරයටම ලැබෙන voice සහ video ඇමතුම් වලට පිළිතුරුදීමේ හැකියාව ද ලැබෙන නමුත් තවත් සති කිහිපයකින් පසුව එම ලැබෙන ඇමතුම් සහ messages ද නවතිනු ඇති බව WhatsApp ආයතනය පෙන්වා දෙනවා.

WhatsApp Help Center - What happens on the effective date?
What happens on the effective date? - No one will have their accounts deleted or lose functionality of WhatsApp on May 15th because of this update. For the last several weeks we’ve displayed a notification in WhatsApp providing more information about the update. After giving everyone t…

කොහොම නමුත් මෙසේ වීමෙන් අනතුරුව කිසි විටෙකත් මෙම හේතුව නිසාවෙන් අදාල WhatsApp ගිණුම මකා දැමීමට WhatsApp ආයතනය කටයුතු නොකරන බව ඔවුන් පෙන්වාදෙන නමුත්, inactive පරිශීලකයින් සඳහා වන වෙනත් policy එකක් හරහා දින 120කට වඩා භාවිතා නොකරන ලද WhatsApp ගිණුම් සම්පූර්ණයෙන්ම මකාදැමීමට WhatsApp ආයතනය කටයුතු කරනු ලබනවා.

පෙර සඳහන් කළ මැයි 15 වැනි දිනෙන් පසුව මෙම තත්ත්වය ආරම්භ වනු ඇති බව සඳහන් කර ඇති නමුත්, මෙලෙස සීමා කිරීම සිදුවන නිශ්චිත දිනයක් හෝ කාළවකවානුවක් හෝ සඳහන් කිරීමට ඔවුන් කටයුතු කර නොමැති අතර, එම දිනය පරිශීලකයාගෙන් පරිශීලකයාට මෙන්ම රටින් රටට වෙනස්විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.