Google pixel 4a ජංගම දුරකථනයේ release date එක මේ වනවිට බොහෝදුරට ළඟා වී ඇති බව මේ වන විට නොරහසක් වන අතර tech YouTuber කෙනෙක් වන Julio Lusson විසින් සිය Twitter ගිණුම හරහා මෙහි camera samples කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

මෙහිදී ඔහු Pixel 4a එකක් සහ Redmi note 7 දුරකථනයක camera samples කිහිපයක් සංසන්දනය කර දක්වා තිබුණු අතර Pixel 4a camera samples වෙත අවධානය යොමුකිරීමේදී හොද වර්ණ මෙන්ම noise ගතිය අඩු බවක් පෙනෙයි.

ඊටත් වඩා ආකර්ෂණීය වන්නේ පික්සෙල් 4a හි 12MP camera sensor එකක් ඇති බවට තොරතුරු වාර්ථා වන අතර Redmi note 7 ජංගම දුරකථනයෙහි ඇත්තේ 48MP camera sensor එකකි.

ඉහළ මෙගා පික්සල් අගයක් ඇති sensor එකක් තිබූ පමණින් camera එක පිළිබඳව තීරණය කල නොහැකි බව ඉතාමත් හොඳින් මෙයින් පැහැදිලි වේ.

එමෙන්ම මේ වන විට වාර්ථා වන තොරතුරු අනුව Pixel 4a දුරකථනය මැයි 12ත් මැයි 22ත් අතර දිනයකදී එළිදැක්වීමට නියමිත වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Central වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.