දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන LG සමාගම LG wing නම් නවතම rotatable තිරයක් සහිත දුරකථනයක් වෙළඳපොලට නිකුත් කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බව මේ වන විට වාර්තා වෙනවා.

මෙම තොරතුරු තහවුරු කලේ දකුණු කොරියානු ප්‍රවෘත්ති මූලාශ්‍රයක් වන ETnews වෙබ් අඩවිය වන අතර ඔවුන්ට අනුව මෙහි ඇති අඟල් 6.7 ක ප්‍රධාන තිරය අංශක 90° කට rotate කිරීමේ හැකියාව තිබෙනවා.

ප්‍රධාන තිරය Rotate කළ පසු T හැඩයක් ගන්නා මෙම දුරකථනය අනතුරුව දුරකථනය පහළ ප්‍රදේශයෙන් අඟල් 4 ක පමණ හතරැස් secondary තිරයක් ලබාදෙන අතර ඒ හරහා මෙම දුරකථනය තිරස් හෝ සිරස් යන කැමති ආකාරයකට ද භාවිතා කළ හැකි වෙනවා.

මෙවැනි තිරයක ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්නයට ද පිළිතුරක් ලබාදීමට ඔවුන් කටයුතු කර ඇති අතර, උදාහරණයක් ලෙස ඔබ විසින් ප්‍රධාන තිරයේ යම් ඡායාරූපයක් edit කරන්නේ නම් editing option පහළ ඇති කුඩා තිරයේ දර්ශනය වේ.

එමෙන්ම ප්‍රධාන තිරයේ ඔබ වීඩියෝවක් නරඹන විට කුඩා තිරයේ ඔබට Google සෙවුමක් සිදු කිරීම වැනි multi-tasking කටයුතු සිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

වාර්තා වන පරිදි මෙහි Qualcomm snapdragon 765 chipset එක අන්තර්ගත වන අතර එහි 5G modem එකක් ඇති බැවින් මෙම දුරකථනය වේගවත් 5G අත්දැකීමද ලබා දෙනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

Snapdragon 765 5G Mobile Platform | Qualcomm
The Snapdragon 765 5G Mobile Platform supports brings 5G connectivity to smartphones with an integrated Snapdragon X52 5G Modem-RF System.

මෙම ජංගම දුරකථනයේ කැමරා තුනකින් සමන්විත පිටුපස කැමරා පද්ධතියක් ඇති අතර එහි ප්‍රධාන කැමරාව 64mp ද, අනෙක් කැමරා දෙක LG Velvet මාදිලියේ ඇති 8mp Ultra wide lens එක හා 5mp Depth sensor එක වනු ඇති බව ETNews වෙබ් අඩවිය අනුමාන කරනවා.

අප දැනටමත් දන්නා පරිදි foldable තිර, කුඩා උපාංගයක විශාල තිරයක හා ඉඩක් ලබාදෙන නමුත් ඒවා තවමත් ක්‍රියා කරන්නේ සාමාන්‍ය Phone එකක් Phablet උපාංගයක් ලෙස පමණි.

නමුත් එය එසේ වූ පමණින් LG හි මෙම වෙනස් ආකෘතිය සාර්ථක වී යැයි හරියටම පැවසිය නොහැකි වුවත් අනිවාර්යයෙන්ම එය පැහැදිලි වෙනසක් සහිත නවමු අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබාදීමට සමත් වනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tom's Guide වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.