Samsung සමාගම හැරුණු විට දකුණු කොරියාවේ අනෙක් විශාලතම ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදකයා වන LG සමාගම විසින් සිය ජංගම දුරකථන ව්‍යාපාරය වියට්නාම් සමාගමක් වෙත විකිණීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

LG හි ප්‍රධාන විධායක නිලධාරී Kwon bong-seok විසින් සියලු සේවකයින්ට මේ පිළිබඳව දන්නවා තිබෙන අතර, ගැනුම්කරුවන් කීපදෙනකු සමඟම මේ වන විට මෙම ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවද වාර්තා වෙනවා.

එම සමාගම් අතරින් වියට්නාම් සමාගමක් වන Vingroup විසින් මෙම ගනුදෙනුව සඳහා ආකර්ෂණීය මිලක් යෝජනා කර ඇති අතර, ඒ අනුව LG Smartphone ව්‍යාපාරය මෙම සමාගමට විකිණීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව සඳහන් වෙනවා.

මෙම සමාගම දැනටමත් ODM (Original Design Manufacturer) කොන්ත්‍රාත්තුව යටතේ LG සඳහා ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනය කරන අතර Oppo හා Samsung හැරුණු විට Vingroup යනු වියට්නාමය තුළ සිටින තුන්වන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා ද වෙනවා.

LG සමාගම විසින් සිය ජංගම දුරකථන ව්‍යාපාරය ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා විවිධ උපාය මාර්ගයන් කාලයක් තිස්සේ අත්හදා බැලුවද, ඒ සියල්ල අසාර්ථක වී තිබෙන අතර, එම පසුබිම තුළ එක දිගට කාර්තු 23 ක් ම අලාභ වාර්තා කල අතර එම අලාභයේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.2 ක් පමණ වෙනවා.

නමුත් LG සමාගම විසින් මෑතකදී LG Rollable, LG Wing වැනි නවතම smartphone සංකල්පයන් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට සමත් වූ අතර, මේ නිසා සැබැවින්ම මෙම සංකල්පයන්ද Vingroup විසින් අත්පත් කරගන්නවාද යන්න සැක සහිත වෙනවා.

Rotatable තිරයක් සහිත LG Wing නම් දුරකථනයක් නිකුත් කිරීමට LG සමාගම සූදානම් වන ලකුණු
දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන LG සමාගම LG wing නම් නවතම rotatableතිරයක් සහිත දුරකථනයක් වෙළඳපොලට නිකුත් කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බව මේ වනවිට වාර්තා වෙනවා. මෙම තොරතුරු තහවුරු කලේ දකුණු කොරියානු ප්‍රවෘත්ති මූලාශ්‍රයක් වන ETnews වෙබ්අඩවිය [https://www.etnews.com/20200511000263] වන අ…

කොහොම වුණත් යම් හෙයකින් මෙම ගනුදෙනුව සිදු වුවහොත් Blackberry, HTC ආදී කඩා වැටුණු smartphone ව්‍යාපාර අතරට LG සමාගමද අලුතෙන්ම එකතු වන සමාගමක් ලෙස පෙන්වා දිය හැකියි.

Sony සමාගමද මෙම අනතුරේ කෙළවරම සිටි නමුත්, 2020 අවසන් කාර්තුව වන විට එම අවදානම යම් මට්ටමකට පාලනය කර ගැනීමට සමත් වී තිබෙන අතර, ඒ අනුව වසර හතරකට පසු පලමු වතාවට Sony විසින් 2021 වසර ආදායම් ලබන වසරක් බවට කර ගැනීමට නියමිත වන බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, Gizmochina වෙබ් අඩවිය සහ Business Korea වෙබ් අඩවිය භාවිතා කළ හැක.