පසුගිය නොවැම්බර් මාසයේදී Facebook Messenger iOS app එකට Unsend පහසුකම එකතු කිරීමට කටයුතු කළ බව ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Facebook සමාගම විසින් ඔවුන්ගේ Messenger app එකේ තිබෙන Camera feature එකට අලුතින් තවත් modes දෙකක් හඳුන්වා දීමට කටයුතු කළ බව ඊයේ දිනයේ ඔවුන් විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ අනුව Boomerang හරහා looping video නිර්මාණය කිරීම හැකියාව ලබා දීම මෙන්ම Selfie mode යනුවෙන් background එක blur කර (portrait ආකාරයේ) photos ගැනීමටත් මීට අමතරව AR, එහෙමත් නැතිනම් Augmented Reality Stickers භාවිතා කිරීමේ හැකියාව ද මේ Messenger app එකට ලබා දී තිබෙනවා.

මේ අලුත් modes දෙකත් ඇතුළුව normal, video, text, boomerang, සහ selfie යනුවෙන් modes 5ක් ‍Facebook Messenger app එක හරහා භාවිතා කිරීමට පරිශීලකයන් හට අවස්ථාව ලැබෙනවා.

මේ අලුත් පහසුකම් රැගත් Messenger app එකේ අලුත් සංස්කරණය Android හා iOS භාවිතා කරනු ලබන සියල්ලන්ටම පාහේ මේ වන විට නිකුත් කිරීමට කටයුතු කර ඇති බව Facebook සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.