මේ වන විට smartphone නිෂ්පාදකයින් සියළු දෙනාම පාහේ තරඟ කරන්නේ photography වලට හොඳම, bezels කුඩා වුණු මනා පෙනුමක් සහිත ජංගම දුරකථන නිෂ්පාදනය කිරීමට වන අතර මීළඟට මොවුන් අතර තරඟකාරීත්වයක් ඇතිවන්නේ මේ 5G තාක්ෂණය සහිත ජංගම දුරකථන නිෂ්පාදනය කෙරෙහි වෙනවා.

Snapdragon 855 chipset එකකින් බලගැන්වෙන ලොව ප්‍රථම 5G තාක්ෂණය සහිත ජංගම දුරකථනය නිෂ්පාදනය කිරීමට Lenovo සමාගම කටයුතු කරන බව Lenovo සමාගමේ උප සභාපති වන Chang Cheng ඔහුගේ Weibo account (Weibo කියන්නේ කියන්නේ Twitter එකට සමාන චීනයේ පවතින සේවාවක්) එක හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණු අතර ටික වේලාවකින් එම සටහන ඉවත් කරගැනීමට කටයුතු කර තිබෙනවා.

Chang-Cheng-Weibo-announcement-tech-news-sinhala

Qualcomm සමාගම ඔවුන්ගේ 5G modem එක පසුගියදා එළිදැක්වීමට කටයුතු කරනු ලැබූ අතර Samsung සමාගමද ඔවුන්ගේම 5G Modem එකක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් කටයුතු කරමින් පවතින බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

කොහොම වුණත් මේ Lenovo සමාගම විසින් නිෂ්පාදනය කිරීමට නියමිත ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Snapdragon 855 chipset එකකින් වන අතර ඒ අනුව ඔවුන්ගේ SDX50 5G modem එකක් මෙම දුරකථනයට අන්තර්ගත වෙනවා.

ZTE සමාගම ඔවුන්ගේ පළමු 5G ජංගම දුරකථනය 2019 වර්ෂයේ මුල් භාගයේදී එළිදැක්වීමට කටයුතු කරන අතර OnePlus සමාගමද 2019 වර්ශයේදී ඔවුන්ගේ දුරකථන වලට මෙම පහසුකම ඇතුලත් කිරීමට තීරණය කර ඇත. නමුත් මේ සියළුදෙනා අභිබවා යමින් Cheng මහතා පවසන පරිදි Lenovo සමාගම විසින් ලොව ප්‍රථම 5G powered ජංගම දුරකථනය නිෂ්පාදනය කිරීමට කටයුතු කරනු ලබනවා.

කොහොම නමුත් Lenovo කියන්නේ පසුගිය කාලසීමාව ඇතුලතදී කිහිපවරක් ම ඔවුන් විසින් කරනු ලැබූ ප්‍රකාශයන්ට විරුද්ධව කටයුතු කරනු ලබූ සමාගමක් බව නොරහසක්.

වාර්ථා වන පරිදි Motorola සමාගමට ඔවුන්ගේ කටයුතු ස්වාධීනව කරගෙන යාමට ඉඩදෙන බව ප්‍රකාශ කළ ඔවුහු Chicago වල පිහිටි Motorola සමාගමට අයත්ව තිබූ ගොඩනැගිල්ලක් විකුණා දැමීමට කටයුතු කර තිබෙනවා.

Lenovo-Z5-concept-vs-actual-tech-news-sinhala

එමෙන්ම මීට මාස කිහිපයකට පොරොතුව කිසිඳු දිශාවකින් bezels නොමැති සම්පූර්ණ display එකක් සහිත ජංගම දුරකථනයක් මීළඟට නිකුත් කරනු ලබන බව පවසා, මාසයකට පසුව notch එකක් සහිත Lenovo Z5 එක ඉදිරිපත් කිරීමට කටයුතු කළා. එම දුරකථනය Weibo හරහා ප්‍රසිද්ධියට පත්කොට තිබූ sketch එකට කිසිසේත්ම සමානතාවයක් පෙන්නුම් කර තිබුණේ නැහැ.