ඇමෙරිකානු වේලාවෙන් ඊයේ උදේ 11:48 වන විට කොටස් වෙළඳපොලෙහි Apple සමාගමේ කොටසක මිළ ඇමෙරිකානු ඩොලර් 207.05 ක් වීමත් සමගින් Apple සමාගමෙහි වත්කම ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ බව වාර්ථා වෙනවා.

එම වේලාවෙන් පසුව එම කොටසක වටිනාකම ක්‍රමයෙන් අඩුවී යාමක් පෙන්නුම් කලත් ඇමෙරිකානු සමාගමක් මේ ඩොලර් ට්‍රිලියනයක වත්කමකට ලඟා වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.

කොහොම වුණත් මෙලෙස ඩොලර් ට්‍රිලියනයක වත්කමකට හිමිකම් කියන ලොව පළමු සමාගම Apple සමාගම නොවන අතර PetroChina සමාගම 2007 සිට මේ හා සමාන වත්කමකට හිමිකම් කියනු ලබනවා. එමෙන්ම Amazon සමාගමත් පසුගිය මාස කිහිපයේ සිදුවූ අලෙවි වර්ධනය හේතුකොටගෙන මේ වන විට ඩොලර් ට්‍රිලියනයක වත්කමකට හිමිකම් කීමට ඉතාමත් ආසන්නව පවතිනවා.

මේ ඩොලර් ට්‍රිලියනය යනු විශේෂ අවස්ථාවක් ලෙස සැලකීමට බඳුන් වුවත් බිලියන 999 ක් හෝ ට්‍රිලියනයක වත්කමකට හිමිකම් කීවත් වැඩි වෙනසක් නොවන්නේ එය බිලියන 999 යන අවස්ථාවේදීත් බොහෝමයක් අනෙකුත් සමාගම් වලට ආසන්න වීමට පවා නොහැකි තරමේ වත්කමක් වන නිසාවෙනි.