ප්‍රසිද්ධ ඇමෙරිකානු ව්‍යාපාර 100 කට අධික ප්‍රමාණයක් ඉලක්ක කරගෙන එල්ල කරන ලද hacking campaign එකක් සම්බන්ධයෙන් යුක්රේන ජාතිකයින් තිදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව 6,500 කට අධික point-of-sale terminals හරහා credit card මිලියන 15ක පමණ තොරතුරු සොරා ගැනීමට මොවුන් කටයුතු කර තිබෙන අතර පරිඝනක ආරක්ෂාව පිළිබඳව වන ආයතනයක් ලෙස පෙනී සිටිමින් මෙම attack එක සිදු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මෙහිදී මුලින්ම email එකකින් attachment එකක් ආකාරයට malware යවනු ලබන එකක් ආධාරයෙන් අදාල ආයතනයට ඇතුලු වන මොවුන් ඒ ඔස්සේ ඉදිරි කටයුතු මෙහෙයවීමට කටයුතු කර තිබෙනවා. සමහර විටෙක නැතිවූ hotel reservation එකක් ආකාරයෙන් හෝ SEC complaint එකක් ලෙසින් අදාල email එක සැකසීමට hackers ලා පියවර ගෙන තිබෙනවා.

spoofed-FDA-email-tech-news-sinhala

උදාහරණයක් ලෙස Chipotle නම් ආහාර අලෙවි කරනු ලබන ආයතනයට යවා තිබෙන email එක සකස් කර තිබී ඇත්තේ ආහාර විශ වීමක් පිළිබඳව සිදු කරනු ලබන චෝදනාවක් ආකාරයෙනි. විශේෂයෙන්ම මෙම කාලය වන විට ඉහත කී ආයතනයට සැබැවින්ම ආහාර විශ වීම පිළිබඳව ප්‍රශ්ණ පැන නැගී තිබී ඇති අතර එයට අනුකූල වන පරිදි අදාල mail එක සැකසීමට hackers ලා දක්ෂ වී තිබෙනවා.

Dmytro Fedorov, Fedir Hladyr, සහ Andrii Kolpakov යන නම් වලින් හැඳින්වෙන මෙම hackers ලා තිදෙනා චෝදනා 26ක් යටතේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට පත් වන විට මොවුන් ජර්මනිය, පෝලන්තය හා ස්පාඤ්ඤය යන රටවල් වල වාසය කර තිබෙනවා.