Vivo Nex S කියන phone එක ගැන මම මීට කලින් ලිපියකින් කතා කළා මතක ඇති. ඉතින් අද කියන්න යන්නේ මේ අමුතු phone එකේ සවිශක්තිය හා පැවැත්ම පිළිබඳව ප්‍රවෘත්තියක්.

JerryRigEverything කියන YouTube channel එක මේ වෙනකොට ලෝකය පුරාම durability testing සඳහා ඉතාමත් ප්‍රසිද්ධ YouTube channel එකක්. සාමාන්‍යයෙන් මොහුගේ පරීක්ෂා කිරීම් වලින් සමත් වන්නේ බොහොම සුළු devices ප්‍රමාණයක් වන අතර Bend Tests, Drop Tests, Burn Tests, Scratch Tests වැනි විවිධ වර්ගයේ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඔහුගේ පරීක්ෂණ අතරට එකතු වෙනවා.

Vivo_Nex_S_Torture_Test_JerryRigEverything-techie

ඉතින් සුපුරුදු විදිහට ඔහු Vivo Nex S phone එකත් ඔහුගේ සම්මත පරීක්ෂණයන් සඳහා යොදාගන්නා අතර ගොඩක් ප්‍රසිද්ධ නිෂ්පාදකයින්ගේ devices මෙම පරීක්ෂණයන්ගෙන් අසමත් වෙද්දී පුදුම සහගත ලෙස මේ Vivo Nex S කියන phone එක ලද ප්‍රතිඵල වලට අනුව මෙය ඉතාමත් හොඳ තත්ත්වයෙන් නිෂ්පාදනය කිරීමට Vivo සමාගම කටයුතු කර ඇති බව පෙනෙන්නට තියනවා.

විශේෂයෙන්ම මේ Vivo Nex S phone එක bezels නැති in-display fingerprint sensor එකක් මෙන්ම popup selfie camera එකකින් සමන්විත නිසා බැළු බැල්මටම අපිි හිතෙන්නේ මෙය ඉතාමත් පහසුවෙන් බිඳෙනසුළු device එකක් කියලයි. මෙම device එක කොයි තරම් හොඳ තත්ත්වයකින් නිෂ්පාදනය කිරීමට Vivo සමාගම උත්සාහ කර තිබෙනවාද යන්න මේ video එක බැළුවම ඔයාටත් තේරේවි.

අළුතින් නිකුත් වුණු smartphones බොහෝ වෙලාවට අසමර්ථ වෙන පරීක්ෂණයක් තමයි මේ bend test එක, එහෙමත් නැතිනම් එදිනෙදා බාවිතයේදී යම්කිසි හේතුවක් නිසා අදාල device එක නැවීමට ලක් වුවහොත් එය කොපමණ ප්‍රමාණයකට නැවිය හැකිද යන වග සොයාගැනීම උදෙසා සිදු කරනු ලබන පරීක්ෂණය. ඉතින් මේ Vivo Nex S phone එක එම පරීක්ෂණයෙනුත් පුදුම සහගත ලෙස සමත් වෙනවා.