මෑතකදී නිෂ්පාදනය කරපු හැම smartphone එකක්ම වගේ නිර්මාණය කලේ bezels, එහෙමත් නැතිනම් display එක වටේ තියන ඉඩ ප්‍රමාණය අඩු කිරීමට තම තමන්ට හැකි උපරිම අයුරින් උත්සාහ කරමිනුයි.

Apple සමාගම විසින් අභියෝග රැසක් හමුවේ iPhone X එක release කල පසු අනෙකුත් smartphone manufactures ලා ටත් මේ අවශ්‍යයතාවය තදින්ම දැනුනා. නමුත් මේ හැමෝටම ජයගන්න බැරි වුණු පොඩි අඩුපාඩුවක් තිබුණා. ඒ අඩුපාඩුව තමයි bezels නැති වුණු විට front camera එක, earpiece speaker එක සහ අනෙකුත් sensors device එකේ ඉදිරිපස පිහිටුවන්න ක්‍රමයක් නැති වීම.

ඉතින් මේ අඩුපාඩුව notch එක නමින් trend එකක් වෙලා එළියට ආවා. මෑතකදී release වුණු සහ announce කරපු හැම smartphone එකකම වගේ මේ notch එකක් තියනවා. Bezels less phone එකක පෙනුම ලස්සන වුවත් මේ notch එකට නම් බහුතරයක් දෙනා කැමති වුණේ නැහැ. ඒත් ඒක ඉවත් කරන්න පුළුවන් විදිහක් කාටවත් පෙණුනෙත් නැහැ.

vivo-nex-smartphone-techie

නමුත් ඔන්න ඒ අභියෝගය ජයගන්න Vivo සමාගමට හැකි වෙලා තියනවා. එයාලාගේ Nex කියන flagship device එකට Notch එකක් නැහැ. ඒ වගේම bezel-less කියන්න පුළුවන් තරමටම කුඩා කරලා තියනවා. ඒ සමඟින් මේ Nex phone එකට පුළුවන් වෙලා තියනවා screen-to-body ratio එක 91.24% දක්වා ඉහල අගයකට ගේන්න.

vivo-nex-flagship-2-techie

ඉතින් අර මම කලින් සඳහන් කරපු අභියෝග වලට මෙයාලා මුහුණ දීලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොතින්, මේ Nex phone එකට තියෙන්නේ screen sound-casting technology කියන තාක්ෂණයෙන් නිර්මිත earpiece speaker එකක්. කෙටියෙන් කියනවා නම් (වාචිකව) මේ හරහා මුළු display එකම තනි speaker එකක් බවට පත් වෙනවා. ඒ වගේම front camera එක popup camera එකක් විදිහට නිර්මාණය කරලා තියනවා. ඒ කියන්නේ සාමන්‍යයෙන් front camera එක පේන්නේ නැහැ.

vivo-nex-flagship-techie

ඒ වගේම in-display fingerprint එකත් මේකට එකතු කරලා තියනවා. මේ වෙනකොටත් ඔයාලා දන්නවා ඇතිනේ මේ in-display fingerprint technology එකත් මුලින්ම සාර්ථකව අත්හදාබැලුවෙත් මේ Vivo සමාගමෙන් කියලා.

මේ smartphone එක spec එක අතිනුත් අනෙකුත් smartphones වලට දෙවෙනි වෙන්නේ නැහැ. Snapdragon 845 SoC එකකුත්, 8GB RAM එකකුත්, 4,000mAh battery එකකුත්, 256GB storage එකකුත් වගේම අඟල් 6.59 ක 1080p+ OLED display එකකුත් මේ phone එකට තියනවා. ඒ වගේම primary camera එක 12 mega-pixel වන අතර popup camera එක 8 mega-pixel වෙනවා.

මීට අමතරව 2018 වර්ශයේ smartphone වල දැවෙන ප්‍රශ්ණයටත් උත්තරය, "ඔව්, headphone jack එක තියනවා".

vivo-nex-no-notch-techie

ඉතින් මේ phone එක සම්පූර්ණයෙන්ම සාර්ථකම bezels less phone එක නොවෙන්න පුළුවන්. නමුත් අනිත් හැම smartphone එකකටම වඩා පියවරක් ඉදිරියෙන් ඉන්නට මේකට දැනට පුළුවන් වෙලා තියනවා. ඉතින් මේකත් එක්ක ලබන අවුරුද්දේ එන smartphone වල පෙනුම ගැන දැනටම හිතාගන්න පුළුවන් නේද? මේ අවුරුද්දේ notch එකක් එක්ක phone එකක් මිලදීගන්න හදිස්සි වෙන්න එපා කියන එකට ඉඟියක් මේ Vivo Nex phone එක මගින් අපිට ලබා දෙනවා.