OnePlus Dash Charging කියන්නේ මේ වෙනකොට ලෝකයේ හොඳම fast charging තාක්ෂණය වශයෙන් පිළිගැනීමට ලක් වෙන තාක්ෂණයක්.

නමුත් ඔයාලට මතක ඇති OnePlus 6 එක නිකුත් කරන විට ඔවුන්ගේ ජනප්‍රිය Dash Charge යන brand name එක භාවිතා කිරීම වෙනුවට "charging rapidly" යනුවෙන් පෙන්නුම් කරන්න ඔවුන් කටයුතු කළා.

මෙයට හේතුව වුණේ යුරෝපයේ මෙම Dash කියන brand name එක Bragi කියන සමාගමට අයත් The Dash Pro සහ Amazon එකට අයිති Dash Replenishment සාමානත්වයක් දැක්වීමයි. ඉතින් මේ හේතුව නිසා Dash Charge කියන වෙළඳ සන්නාමය, එහෙමත් නැතිනම් brand name එක යුරෝපයේදී භාවිතා කිරීමට OnePlus ආයතනයට අවසර ලැබී නැහැ.

දැනගන්න ලැබෙන තොරතුරු අනුව මේ OnePlus fast charging technology එකේ අළුත් නම විදිහට WARP Charge යනුවෙන් භාවිතා කිරීමට OnePlus ආයතනය සැරසෙනවා.

one-plus-warp-charge-brand-name-tech-news-sinhala

Nice Classification system එක කියන්නේ භාණ්ඩ හා සේවා වර්ග කිරීම සඳහා යොදා ගන්නා පද්ධතියක්. මෙහි Nice Class 9 යනුවෙන් හඳුන්වන්නේ “apparatus, instruments and cables for electricity“ යන කාණ්ඩයට අයත් වන භාණ්ඩ හා සේවාවන් වන අතර OnePlus විසින් European Union Intellectual Property Office (EUIPO) එක වෙත යොමු කරන ලද අයදුම්පත අනුව මෙම brand name එක Nice class 9 යන category එකට අයත් වෙනවා.

කොහොම නමුත් මේ WARP Charge යන වෙළඳ සන්නාමයත් මෙම අධිකාරියේ “under examination” යන තත්ත්වයේ තමයි තාමත් තියෙන්නේ. මේ අනුව මොවුන්ගේ අවසරය ලැබුණහොත් පමණක් OnePlus සමාගමට මෙම අළුත් brand name එක භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.


Update: Wrap Charging යනුවෙන් දෝෂ සහගත ලෙස සඳහන් කර තිබූ නම WARP Charging ලෙස වෙනස් කරන ලදී. 18/07/2018 - 2:30PM