SMS එහෙමත් නැතිනම් text messages කියන්නේ වසර ගණනාවක් තිස්සේ කිසිඳු යාවත්කාලීන වීමකින් තොර වූ නමුත් ලොව පුරා විවිධ කටයුතු සඳහා දැනටත් බහුලව භාවිතා වන සේවාවක්.

මුල් කාලයේ බාවිතා කළ ජංගම දුරකථන වලට සරිලන විදිහට නිර්මාණය කරන ලද SMS තාක්ෂණය අද කාලයේ smartphone වලට ගැලපෙන විදිහට යාවත්කාලීන කිරීම සඳහා Google සමාගම මූලිකත්වය ගෙන කටයුතු කරමින් පවතිනවා.

RCS-rich-communication-services-business-techie

මේ අළුත් තාක්ෂණය RCS එහෙමත් නැතිනම් Rich Communication Services යනුවෙන් හඳුන්වන අතර ඒ හරහා group chat, photo හුවමාරු කරගැනීමේ පහසුකම, read receipt වැනි අළුත් පන්නයේ පහසුකම් අත්වීඳීමට බාවිතා කරන්නන්ට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම SMS වෙනුවට text messages යනුවෙන් බාවිතා කරනවාක් මෙන් මේ RCS සඳහා බාවිතා වෙන සරළ නම වෙන්නේ "Chat" කියන නාමයයි.

Typing indicators සහ read receipts

දැනට පවතින instant messaging සේවා සියල්ලකම පාහේ යම් පුද්ගලයෙකු විසින් යමක් type කරමින් පවතිනවා නම් එය ලබන්නාට හැඟවීම සඳහා typing indicator එකක් බාවිතා කරනවා. බොහෝ විට ඔබ Whatsapp හෝ Viber වැනි සේවාවක් භාවිතා කර ඇති නම් එහි අනෙක් පුද්ගලයා type කරන විට අපට පෙන්වන indicator එකට මෙය සමාන වෙනවා.

rcs-read-receipts-techie

එමෙන්ම දැනට SMS වලදී අපිට delivery report එකක් ලබාගතහැකි වුවත්, ලබන්නා විසින් එය කියවන ලද බව දැනගැනීමට ක්‍රමයක් නැහැ. නමුත් RCS වලදී මේ පහසුකමත් එකතු වෙන අතර මේ පහසුකම් ද්විත්වයම privacy settings වලින් disable කිරීමට හැකියාව ලැබෙනවා.

High-quality photos

RCS හරහා high quality photos හුවමාරු කරගැනීමටත් අවස්ථාව ලැබෙන අතර යවන්නා විසින් යවනු ලබන photos සේවාදායකයාගේ server එකකට upload වීමෙන් අනතුරුව ලබන්නා හට එම file එක download කරගැනීම සඳහා link එකක් යවනු ලබනවා. කොහොම නමුත් ලබන්නා හට මෙම URL එක වෙනුවට අදාල photo එක පෙන්වන අතර කිසිඳු වේලාවක එම link එක දැකගැනීමට ඔවුන් දෙදෙනාටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

Wi-FI සහ mobile data වලින් message යැවීමේ පහසුකම

SMS සහ MMS වලදී අපිට සේවාදායකයාට විශේෂිත වූ සේවාවක් හරහා messages යැවිය යුතු වුවද RCS වලදී ඔබට අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි ඕනෑම ක්‍රමයකින් අදාල පණිවුඩ යැවිය හැකි වේ.

Group conversations

RCS වලදී group chat සඳහා ද පහසුකම් සපයා දී ඇති අතර කණ්ඩායමකට අයත් සියළුම දෙනා Chat පහසුකම enable කර තිබීම පමණක් මෙයට සෑහෙනවා. එමෙන්ම ඕනෑම කෙනෙකුට එකතු වීමට හෝ ඉවත් වී යාමට ද අවශ්‍යය වන settings මෙයට ඇතුලත් වෙනවා.

Business Messaging

මේ අළුත් RCS තාක්ෂණය හරහා ව්‍යාපාර වලට තම පාරිභෝගිකයින් හා සම්බන්ධ වීමට විශේෂිත වූ පහසුකම් කිහිපයක් ලැබෙනවා. එමෙන්ම Rich media cards යැවීමට ද ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් ලෙස boarding pass එකක් සෘජුවම අදාල පුද්ගලයා හට යැවීමට හෝ තම වෙළඳ ස්ථානය සහිත සිතියමක් යැවීම වැනි පහසුකම් සැළකිය හැකි වෙනවා.

rcs-business-messaging-explained-techie

දැනටමත් මෙම පහසුකම් සියල්ලම පාහේ Android Messages app එකට එකතු කිරීමට Google සමාගම කටයුතු කර ඇති වුණත්, මෙය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජංගම දුරකථන සේවාදායකයින්ගේ මෙන්ම නිෂ්පාදකයන්ගේ සහාය අවශ්‍යය වෙනවා.

rcs-universal-profile-techie

මේ වන විට ලොව පුරා රටවල් 33ක සේවා දායකයින් 55ක් මේ RCS බාවිතා කිරීමට කටයුතු ආරම්භ කර තිබෙන අතර මීළඟ මාස 12 ඇතුලත තවත් රටවල් 30කට අදාල වන සේවාදායකයින් 40ක් මෙයට එකතු විය හැකි බව GSMA ආයතනය ප්‍රකාශ කරනවා.

මීට අමතරව ජංගම දුරකථන නිෂ්පාදකයින් 11ක් මේ වන විට මෙම කටයුත්තට සහාය දක්වන අතර Google සහ Microsoft ආයතන දෙක මෙහෙයුම් පද්ධති වලට මෙම පහසුකම් ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබනවා. කෙහොම නමුත් තාමත් Apple සමාගම මෙම RCS තාක්ෂණය පිළිබඳව කිසිඳු අදහසක් ප්‍රකාශ කිරීමට කටයුතු කර නැහැ.