Elon Musk අභිබවා ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමු තැන යලි හිමි කර ගැනීමට Amazon හි නිර්මාතෘ Jeff Bezos සමත් වෙයි

කතුවරයා
Varuna Prabhath
Save කරන්න
Share කරන්න

    ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමිකරගැනීමට Amazon සමාගමේ නිර්මාතෘ Jeff Bezos මහතා සමත් වී තිබෙනවා.

    සුප්‍රකට Tesla හා SpaceX යන සමාගම් හි නිර්මාතෘ Elon Musk පසුගිය ජනවාරි මාසයේ සිට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කෙරෙණු අතර ඉතා කෙටි කලකින් ඔහුට එම ස්ථානය අහිමි වීම කැපී පෙනෙනවා.

    Amazon සමාගමේ හිමිකරු වන Jeff Bezos පරදවමින් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට Elon Musk සමත් වෙයි
    පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Microsoft සමාගමේ හිමිකරු වන Bill Gates පසු කරමින් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට Elon Musk සමත් වූ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Bill Gates තෙවැනි ස්ථානයට පත් කරමින් ලොව දෙවැනියට ධනවත්ම පුද්ගලයා වීමට Elon Musk සමත් වෙයිBloomberg Billionaires Index [https://www.bloomberg.com/billionaires/…

    කොහොම නමුත් කොටස් වෙළඳපොලෙහි Tesla සමාගමෙහි කොටසක මිල ඩොලර් 796.22 ක් දක්වා පහත වැටෙන විට Musk ගේ වත්කම ඩොලර් බිලියන 3.9 කින් පහත වැටීම සිදු වුණා.

    2017 සිට පසුගිය මාසය වනතුරු Jeff Bezos ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර තිබුණු අතර, ප්‍රධාන වශයෙන් Amazon සමාගමේ කොටස් මත සංකේන්ද්‍රණය වී ඇති Amazon නිර්මාතෘවරයාගේ පෞද්ගලික ධනය මෑත වසරවලදී සමාගමේ කොටස් මිල සමඟ ඉහළ ගොස් තිබෙනවා.

    පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහු ඩොලර් බිලියන 200 කට අධික වත්කමක් ඇති පළමු පුද්ගලයා බවට පත්වූ අතර 2018 දී ඔහු ඩොලර් බිලියන 150 සීමාව පසු කළ පළමු පුද්ගලයා බවටද පත් වුණා.

    මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNBC වෙබ් අඩවිය සහ Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.