LogMeIn සමාගම විසින් ලබාදෙන LastPass සේවාව මේ වන විට ලොව පුරා ඉතාමත් ජනප්‍රිය password manager එකක් බව TechNews.LK පාඨක ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.

මෙම සේවාව හරහා මේ වන විට ඔබ desktop සහ mobile සංස්කරණ භාවිතා කිරීමේ හැකියාව ලබාදී ඇති අතර, LastPass desktop app එක භාවිතා කරමින් නිර්මාණය කරනු ලැබූ passwords, කිසිඳු බාධාවකින් තොරව mobile app එක සමඟින් ද sync වන අතර, mobile app එක හරහා ද එම password එක භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මෙම සේවාවේ free tier එක භාවිතා කරන්නන් හට නව සීමාවක් හඳුන්වාදීමට LogMeIn සමාගම තීරණය කර ඇති අතර, මේ නව සීමාව අනුව ‍mobile හා desktop යන දැනට available device type දෙකෙන් එකක් පමණක් භාවිතා කිරීමට සිදු වෙනවා.

Changes to LastPass Free - The LastPass Blog
We’re making changes to how Free users’ access LastPass across device types.

මෙම සීමාව මීළඟ මාර්තු මස 16 වැනි දින සිට බළාත්මක කරනු ලබන අතර, මාර්තු මස 16 වැනි දිනට පසුව මුලින්ම login වෙන device type එක default device type එක ලෙස සටහන් වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අනුව ඔබ desktop platform එක භාවිතා කරමින් login වුවහොත්, පරිගණක (desktop client) ඕනෑ ප්‍රමාණයක මෙම සේවාව භාවිතා කළ හැකි වන නමුත්, mobile apps හරහා සේවාව භාවිතා කළ නොහැකි වෙනවා.

එමෙන්ම mobile app එක හරහා login වු‍වහොත්, ඉන් අනතුරුව mobile devices හරහා පමණක් LastPass ස‍ේවාව භාවිතා කිරීමට සිදු වෙනවා.

මීට අමතරව, free tier එක භාවිතා කරන්නන් Basic support (එනම් Support center සහ Community support) වලට පමණක් සීමා වනු ඇති අතර, 24/7 Email support සහ 24/7 mobile support එක Premium පරිශීලකයින් හට පමණක් සීමා වෙනවා.

මෙම සීමාවන් ඉවත්කර ගැනීමට නම් LastPass සේවාවේ Premium හෝ Family subscription එක මිලදීගත යුතු වන අතර එසේ නොවන්නේ නම් ඉහත සඳහන් සීමාවන් වලට යටත්ව මෙම සේවාව භාවිතා කිරීමට සිදු වෙනවා.


LastPass වෙනුවට භාවිතා කළ හැකි අනෙකුත් සේවාවන් පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අ‍පගේ TechRoom එක භාවිතා කළ හැක.

2020 වර්ෂයේ හොඳම password manager සේවාවන් කිහිපයක් ගැන දැනගනිමු
ඔබ නිතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන අයෙකුනම් මේ වන වි‍ටත් ඔබ අන්තර්ජාලයහරහා භාවිතා කරන විවිධ සේවාවන් සඳහා account සාදාගෙන ඇති. සමහර විට ඔබට මේ වෙද්දිඔබ යොදා ඇති password මතක තබා ගැනීම තරමක් අපහසු කාර්යයක් වෙන්න පුළුවන්. මේ ගැටළුව මගහරවා ගැනීම සඳහා අපට password manager සේවාවන් භාවිතා කිරී…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ LastPass blog අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.