Android ජංගම දුරකථන නිෂ්පාදක ඉන්න බහුතරයක් තවමත් Android 11 හෝ සිය සුදුසුකම් ලත් Devices වලට ලබා දී ලබා දී අවසන් වී නැති පසුබිමක් තුළ, Google සමාගම විසින් මේ වන විටත් Android 12 හි Development කටයුතු ආරම්භ කර තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ වන විට මෙහි පළමුවැනි Developer preview සංස්කරණය නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර, මෙම සංස්කරණයේ මූලික අරමුණ වන්නේ developer වරුන් හට තමන්ගේ apps අලුත් Android මෙහෙයුම් පද්ධතියේ හඳුන්වාදෙන API සමඟින් අත්හදාබැලීමේ හැකියාව ලබාදීමයි.

Android 12 Developer Preview | Android Developers
How the Developer Preview works, the timeline, and what's included.

‍මේ අනුව Pixel ජංගම දුරකථන වලට සහ Android Emulator එක සඳහා අදාල වන system images දැනටමත් නිකුත් කර ඇති නමුත් මෙය තවමත් මූලික අදියරෙහි තිබෙන සංස්කරණයක් වන බැවින්, ඔබ එදිනෙදා භාවිතා කරන ජංගම දුරකථනයට මෙය ස්ථාපනය කිරීමෙන් වලකින ලෙස Google සමාගම මතක් කර සිටිනවා.

එමෙන්ම Android 12 වල විවිධ සංස්කරණ මීළඟට නිකුත් වීමට නියමිත කාළසීමාව පිළිබඳව timeline එකක් ද ඔවුන්ගේ නිළ blog අඩවිය හරහා පළ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ ආකාරයේ Developer preview සංස්කරණ තුනකින් පසුව මැයි මාසයේදී පළමුවැනි beta release එක සිදු කරනු ඇති අතර, beta සංස්කරණ තුනක් නිකුත් කිරීමෙන් අනතුරුව release candidate සංස්කරණය අගෝස්තු මාසයේ මුල් භාගයේදී නිකුත් කරනු ලබනවා. ඉන් අනතුරුව අවසානයේදී stable සංස්කරණය නිකුත් කිරීමට සැළසුම් කර තිබෙනවා.


Android 10 සිට Android මෙහෙයුම් පද්ධති, අතුරුපස වල නම් වලින් නම් වලින් හැඳින්වීම අත්හැර දැමීමට Google සමාගම කටයුතු කළ නමුත්, ඒ සඳහා internal codename එකක් ලබාදීමට මොවුන් කටයුතු කරනු ලබනවා.

ඒ අනුව Android 10, Quince Tart ලෙසත් Android 11, Red Velvet Cake ලෙසත් නම් කරන ලද අතර, ඉදිරියේදී නිකුත් වීමට නියමිත Android 12 සඳහා ලබාදී තිබෙන අතුරුපස නාමය වෙන්නේ "Snow Cone" යන්නයි.

මේ අතර Android 12 සමගින් එළිදැක්වීමට නියමිත නව පහසුකම් පිළිබඳව ටිකෙන් ටික තොරතුරු ලැබෙමින් තිබෙන අතර, ඒ අනුව Android 12 සමඟ එන app hibernatate පහසුකම පිළිබඳව මීට පෙර තොරතුරු ගෙන ආ බව ඔබට මතක ඇති.

Android 12 සංස්කරණය සමඟින් App Hibernate කළ හැකි අලුත් පහසුකමක් ලබාදීමට Google සමාගම සූදානම් වන ලකුණු
Android 11 මෙහෙයුම් පද්ධතිය නිකුත් කර තවමත් ගත වී ඇත්තේ ඉතාම කෙටි කාලයක් වුවත්මේ වන විටත් එහි මීළඟ සංස්කරණය, එනම් Android 12 පිළිබඳව හා ඒ සමඟින් ලැබීමට නියමිතඅලුත් features පිළිබඳව තොරතුරු ලැබෙමින් තිබෙනවා. Hibernation feature එක එලෙස ලැබීමට නියමිත නව පහසුකමක් වන අතර, මෙම පහසුකම මඟින්ඔබේ Android…

මීට අමතරව තවත් පහසුකම් කිහිපයක් පිළිබඳවද ඉතුරු වාර්තා වී තිබෙන අතර ඒ අනුව ඉදිරියේදී නිකුත් වීමට නියමිත Android 12 සමඟින් scroll screenshot පහසුකම, වැඩිදියුණු කරන ලද One-hand mode පහසුකම, Smart auto-rotate mode එකක් වැනි පහසුකම් රැසක් ලැබීමට නියමිතයි.

මීට අමතරව, 100% ක් තහවුරු කළ නොහැකි නමුත්, Android 12 එකේ UI එකේ බව දැක්වෙන Screenshots කිහිපයක් පසුගිය සතියේ අන්තර්ජාලයට එකතු වී තිබුණු අතර ඒවාට අනුව Android 11 UI එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් UI එකක් Android 12 සමඟින් ලැබීමට නියමිත වෙනවා.

කොහොම නමුත් මෙම වෙනස්කම් සියල්ල developer preview සංස්කරණ වලදී දැකගත නොහැකි වනු ඇති නමුත් beta සංස්කරණ වල සිට මේවා යම් තරමක් දුරට භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Android Blog අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.