පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Microsoft සමාගමේ හිමිකරු වන Bill Gates පසු කරමින් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට Elon Musk සමත් වූ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Bill Gates තෙවැනි ස්ථානයට පත් කරමින් ලොව දෙවැනියට ධනවත්ම පුද්ගලයා වීමට Elon Musk සමත් වෙයි
Bloomberg Billionaires Index [https://www.bloomberg.com/billionaires/] එකට අනුවලොව ධනපතියන් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමට මේ වන විට Elon Musk සමත්වී ඇති අතර,ඔහුගේ මුලු වත්කම ඇමෙරිකානු ඩොළර් බිලියන 128ක් පමණ වන බව සැළකෙනවා. මීට පෙර මෙම දර්ශකයේ දෙවැනි ස්ථානයේ සිටියේ Microsoft සමාගමේ හිමිකරු වන Bill…

2017 වර්ෂයේ සිට ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කරගෙන සිටියේ Amazon සමාගමේ හිමිකරු, Jeff Bezos විසින් වන නමුත් මේ වන විට Elon Musk විසින් ඔහුව පරදමින් ලොව ධනවත්ම මිනිසා බවට පත්වීමට සමත් වී තිබෙනවා.

Bloomberg Billionaires Index එකට අනුව මේ වන විට Elon Musk ගේ වත්කම ඇමෙරිකානු ඩොළර් බිලියන 195ක් වන අතර, Jeff Bezos ගේ සම්පූර්ණ වත්කම ඩොළර් බිලියන 185ක් ලෙස සටහන් වෙනවා.

Tesla සමාගමේ කොටස් වලින් 20%ක පමණ ප්‍රමාණයක් Elon Musk ට හිමි අතර, පසුගිය කාළසීමාව තුළ Tesla සමාගමේ කොටස් වෙළඳපොල මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට හේතුව ලෙස බොහෝ දෙනා පෙන්වාදෙනවා.

කොහොම නමුත් ඔහුගේ වත්කම බිලියන 195ක් වුවත්, ඔහු සතුව මෙම වටිනාකම මුදලින් නොමැති අතර එම වටිනාකමට අදාල සමාගම් කොටස් වලින් මෙම අගය සකස් වී ඇති බව මතක තබාගත යුතු වෙනවා.

Tesla සමාගමේ ‍කොටස් වලින් 20% ක්  සහ SpaceX සමාගමේ කොටස් වලින් 48%ක් පමණ Elon Musk ගේ මෙම බිලියන 195ක වත්කම උපයාගැනීමට විශාල දායකත්වයක් ලබාදී ඇති බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

එසේ වුවත් ඔහුගේ මෙම ව්‍යාපාරික කොටස් ඇපයට තබා බැංකු හරහා ණය මුදල් ලබාගෙන නව ව්‍යාපාරික අවස්ථා වලට ආයෝජනය කිරීමට ඔහුට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම 2018 වර්ෂයේදී Boeing සමාගමට ඩොළර් මිලියන 100ක මුදලක් ආයෝජනය කිරීම මෙයට උදාහරණයක් ලෙස පෙන්වාදිය හැකි වෙනවා.

‘Don’t sell a share’: Billionaire investor Chamath Palihapitiya says Tesla’s stock could triple from current levels, making Elon Musk the first trillionaire
‘This is a guy who has consistently been one of the most important entrepreneurs in the world. And so why bet against him?’ Palihapitiya said on CNBC.

එමෙන්ම ඉදිරියේදී Tesla සමාගමේ කොටස් වල අගය තවත් තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවත්, ඒ අනුව ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වීමට Elon Musk ට හැකියාව ලැබෙනු ඇති බවත්, තවත් බිලියනපතියෙකු වන චමත් පලිහපිටිය මහතා CNBC ආයතනය සමඟ පැවති සාකච්ඡාවකදී පෙන්වාදී තිබෙනවා.

මේ හේතුව නිසාවෙන් දැනට Tesla සමාගමේ කොටස් හිමි shareholder වරුන් හට අවවාද කරමින් ඔහු ප්‍රකාශ කරන්නේ එක share එකක් හෝ විකිණීමට කටයුතු නොකරන ලෙසයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.