Android දුරකථනයක් භාවිත කරන බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය පහසුකමක් තමයි Always-on display පහසුකම කියන්නේ. විශේෂයෙන් AMOLED වගේ display එකක් තියෙන කෙනෙක් නම් මේ පහසුකම ගොඩක් enjoy කරන්න වගේම උපරිම ඵල ප්‍රයෝජන ගන්නත් පුළුවන් වෙනවා.

කොහොම වුණත් මේ වෙනකම් iOS, එහෙම නැති නම් Apple දුරකථන භාවිත කරන පරිශීලකයන්ට මේ පහසුකම භාවිත කරන්න හැකියාවක් නම් තිබුණේ නැහැ. නව Super Retina XDR display එකත් සමගින් එන iPhone 13 / Pro වලදී මේ පහසුකම ලබා දෙන්න ඇපල් සමගම තීරණය කරලා තියෙන බවට ආරංචි පැතිරුණත් අද වෙනතෙක් මේ පහසුකම ලැබුණේ නම් නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් මේ Always-on display පහසුකම iPhone 14 එක්කම එළි දක්වාවි කියලා බලාපොරොත්තු වුණා.

කොහොම වුණත් ඇපල් පරිශීලකයන්ට මේ නව අත්දැකීම ගැන කොළ එළි දැල්වෙන ආරංචියක් සුප්‍රකට Bloomberg වෙබ් අඩවියේ Newsletter එකක් සමඟින් අන්තර්ජාලය වෙත නිකුත් වුණා.

"I’m told iOS 16 builds in future support for an always-on lock screen, something Apple was originally planning for last year’s iPhone 13. This would allow the iPhone to turn down the frame rate significantly on the lock screen and display quickly glanceable information – similar to newer Apple Watches." - Mark Gurman

මේ පිළිබඳව කරුණු අනාවරණය කරන්නේ Mark Gurman නම් bloomberg tech journalist විසින්ය. ඔහුට අනුව ඉදිරියේදී එළි දැක්වීමට තිබෙන නවතම iOS සංස්කරණය වන iOS 16 සමඟ always-on lock screen පහසුකම ලබාදීමට නියමිතයි. කොහොම නමුත් මෙය තවමත් නිල වශයෙන් නම් සනාථ ව නැහැ. මේ පහසුකම සමගින් එක්වෙන නව අත්දැකීම iPhone පරිශීලකයන් කොයි ආකාරයෙන් බාර ගනීවිද කියන එක නම් තාම කියන්න ඉක්මන් මදි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5mac.com වෙබ් අඩවිය සහ Bloomberg.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.