මේ දින වල වැඩි කතාබහට ලක්වන සමාජ මාධ්‍ය වේදිකාවක් තමයි Twitter කියන්නේ. ලෝකයේ බිලියනපතියෙක් වන Elon Musk විසින් ඩොලර් බිලියන 44කට Twitter සමාගම මිලදී ගැනීමත් සමඟ Twitter සමාජ මධ්‍ය වේදිකාවේ අනාගතය කෙබඳු වේවිදැයි සියළුම දෙනා නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

ඉකුත් මාසයේදී Twitter Circle නම් වූ විශේෂාංගයක් තෝරාගත් කුඩා පරිශීලකයින් ප්‍රමාණයක් අතරේ test කිරීමට Twitter සමාගම කටයුතු කළා. එම විශේෂාංගය Instagram Close Friends විශේෂාංගය ක්‍රියාකරන ආකාරයටම, Selected Audience එකක් සඳහා Tweets පළ කිරීමේ හැකියාව ලබා දීමට සමත් වනවා.

කෙසේවෙතත් මේ වන විට බොහෝ පරිශීලකයින් තමන්ට මෙම Twitter Circle නම් වූ විශේෂාංගය ලැබී ඇති බවට වාර්ථා කළත්, Twitter spokesperson Joseph Nunez විසින් The Verge වෙබ් අඩවිය සමඟ පවසා ඇත්තේ තවමත් මෙම විශේෂාංගය නිළ වශයෙන් හඳුන්වා දී නොමැති බවයි.

Twitter App එක තුළ Tweet එකක් ලිවීම ආරම්භ කරන්න එවිට Everyone ලෙසින් ඉහතින් දිස් වන Dropdown Menu එක හරහා ඔබට Twitter Circle විශේෂාංගය ලැබී තිබෙනවාද යන්න පරීක්ෂා කර ගැනීමෙ හැකියාව ලැබෙනවා. මේ හරහා ඔබට පරිශීලකින් 150ක් දක්වා Add කර ගැනීමේ හැකියාව පවතින අතර එම පරිශීලකින් ඔබව Follow කර තිබීම අනිවාර්‍ය නොවීම මෙහි දක්නට ලැබෙන විශේෂත්වයකි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ WorldNewsEra වෙබ් අඩවිය භාවිතා කළ හැක.