අපේක්ෂිත ප්‍රමාණයේ අලෙවියක් නොමැති නිසා iPhone 12 mini ජංගම දුරකතන නිෂ්පාදනය නවත්වාදැමීමට Apple සමාගම සූදානම් වන ලකුණු

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone 12 ජංගම දුරකථනය සහ එහි අනෙකුත් මාදිලි එළිදැක්වීමට කටයුතු කළ අතර, ඒ පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

    මේ iPhone අතරින් එක් මාදිලියක් වූ iPhone 12 mini ජංගම දුරකථනය විශේෂිත වූයේ එය ලොව කුඩාම සහ සැහැල්ලුම 5G ජංගම දුරකථනය යනුවෙන් Apple සමාගම විසින් හඳුන්වාදීමට කටයුතු කරන ලද නිසාවෙන් වන අතර එය කුඩා වුවත් සාමාන්‍යය iPhone 12 මාදිලියෙහි අන්තර්ගත වූ chipset එක හරහා ම බළගැන්වෙනු ලැබුණා.

    ලොව කුඩාම සහ සැහැල්ලුම 5G ජංගම දුරකථනය වන iPhone 12 mini මාදිලිය හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කරයි
    2014 වසර වන තෙක්, එනම් iPhone 6 ට පෙර 5s මාදිලිය වන තෙක් Apple සමාගමේ දුරකතන එළිදක්වනු ලැබුවේ එක් මාදිලියකින් පමණක් වන අතර, iPhone 6 සමඟින් එය වර්ග දෙකක් වුනු 6 හා 6 Plus ද, එයින් පසුව 2017 වසරේදී iPhone හදුන්වාදීමේදි එය මාදිලි තුනකට වැඩි වුනේ iPhone 8 , iPhone 8 Plus හා iPhone X ලෙසයි. ඉන් පසුව පස…

    කෙසේ නමුත් කල් ගතවීමත් සමඟින් මෙම මාදිලියෙහි battery life එක පිළිබඳව ගැටළු මතු වූ අතර, බොහෝ දෙනෙකු මෙම මිලෙන් අඩු, ප්‍රමාණයෙන් කුඩා iPhone 12 mini ජංගම දුරකථන මාදිලිය මිලදීගැනීමට මැළිකමක් දක්වන බව දැකගන්නට ලැබුණා.

    මේ අනුව අලුත් iPhone මාදිලි අතරින් අඩුම විකුණුම් ඒකක ගණනක් වාර්තා කරමින් 6%ක පමණ වෙළඳ අධිකාරයකට හිමිකම් කියන මේ මාදිලිය නිෂ්පාදනය කිරීම නවත්වාදැමීමට Apple සමාගම සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

    විශේෂයෙන්ම iPhone නිෂ්පාදනාගාර සඳහා ජංගම දුරකථන කොටස් සැපයුම් කරනු ලබන සැපයුම්කරුවන්ගෙන් iPhone 12 mini මාදිලි වලට අදාල කොටස් ඇනවුම් කිරීම මේ වන විටත් විශාල වශයෙන් සීමා කර ඇති බව ද වාර්තා වෙනවා.

    බොහෝ විට iPhone ඉතිහාසයේ අඩුම කාලයක් වෙළඳපොලට නිකුත් කළ flagship ජංගම දුරකථනය ලෙස මේ iPhone 12 mini මාදිලිය ඉතිහාසයට එකතු වනු ඇති බව Gizmochina වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

    මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.