Microsoft සමාගමේ අලුත් Edge Browser එක පිළිබඳව පසුගිය වසරක පමණ කාලය තුළ අපි ඔබව වාර ගණනාවකදී දැනුවත් කිරීමට කටයුතු කළ අතර, මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ ප්‍රියතම Web Browser එක වීමට ද එයට හැකියාව ලැබී ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ වන විට Microsoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා.

එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chomium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා.

New Microsoft Edge to replace Microsoft Edge Legacy with April’s Windows 10 Update Tuesday release
In August 2020, we announced that support for the Microsoft Edge Legacy desktop application ends on March 9, 2021. After this date, Microsoft Edge Legacy will no longer receive security updates. To replace this out of support application, we are announcing that the new Microsoft Edge will be a…

මේ සමඟින් Microsoft සමාගම විසින් 2019 වර්ෂයේදී එළිදැක්වීමට කටයුතු කළ ඔවුන්ගේ EdgeHTML rendering engine එක Windows Apps වලට පමණක් සීමා වන අතර, Edge Browser එක සඳහා ප්‍රධාන වශයෙන්ම Google සමාගමේ Blink rendering engine එක භාවිතා කරනු ඇත.

Rendering Engine එකක් යනු
Website එකකක් නිර්මාණය වී ඇති HTML සහ CSS code ලබාගෙන ඒවා භාවිතා කරමින් ඊට අදාල grpahical interface එක නිර්මාණය කිරීම, එහෙමත් නැතිනම් අපි වෙබ් අඩවියක් දකින ආකාරයට පරිවර්ථනය කිරීමට භාවිතා කරන engine එකයි.

මේ හරහා Javascript render නොවන අතර, ඒ වෙනුවෙන් Chrome, Edge සහ අනෙකුත් Chromium පාදක කරගත් (Opera වැනි) Browsers, V8 engine එක භාවිතා කරනු ලබන අතර, Mozilla Firefox - Gecko | Quantum | ‎SpiderMonkey, Apple Safari - WebKit වල සංස්කරණයක් වන JavaScriptCore (Nitro) සහ පැරණි Microsoft Edge Browser එක ඔවුන්ගේ Chakra javascript engine එක භාවිතා කරනු ලබනවා.

මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft Tech Community වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.