Tesla සමාගම 2021 වර්ෂයේ ජනවාරි මාසයේදී ඔවුන්ගේ investment policy එක වෙනස් කිරීමට කටයුතු කර ඇති අතර, මේ වන විට U.S. Securities and Exchange Commission එකට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඩොළර් බිලියන 1.5ක පමණ මුදලක් යොදා bitcoin මිලදීගැනීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය කාළසීමාව තුළදී Tesla සමාගමේ පාරිභෝගිකයින් විසින් එහි නිර්මාතෘ වන Elon Musk ට පවසා සිටියේ Tesla වාහන මිලදීගැනීමේදී ගෙවීම් මාධ්‍යයක්, එනම් payment method එකක් ලෙස Bitcoin භාරගැනීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම Elon Musk විසින් ඔහුගේ Twitter ගි‍ණුමෙහි profile bio එක තුළ #bitcoin ලෙස සටහන් කර තැබීමට කටයුතු කළ අතර, මේ සමඟින් biitcoin වල මිල 7%කින් පමණ ඉහළ යෑමද සිදු වූ බව දැකගත හැකි වුණා.

පසුගිය ජනවාරි මාසයේදී වෙනස් කළ ආයෝජන ප්‍රතිපත්ති වලට අනුව, Tesla සමාගම විසින් ඔවුන්ගේ reserve assets වෙනුවෙන් digital currencies හෝ gold මිලදීගැනීමට කටයුතු කරනු ඇති බව සඳහන් වෙනවා.

එපමණකින් නොනැවතී නුදුරු අනාගතයේ දී අදාළ නිෂ්පාදනවලට යටත්ව සහ මූලික සීමිත පදනමක් මත ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ගෙවීම් ක්‍රමයක් ලෙස Bitcoin පිළිගැනීම ආරම්භ කිරීමට ඔවුන් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.

Bitcoin වල මිල 2021 වසර මුල සිටම නොයෙක් නොයෙක් ආයතන සහ සාමන්‍ය ගැනුම්කරුවන් වැඩිවීම සමග වැඩිවීමක් දක්නට ලැබිණු නමුත් Tesla සමාගමෙහි මෙම ආයෝජනය සම්බන්ද පුවතත් සමඟම Bitcoin හි මේ දක්වා පැමිණි උපරිම මිල වන $46,000 ක අගය ද මේ වන විට පසු කර තිබෙනවා.

Top Crypto Exchanges Experience Difficulties as Tesla News Prompts Trading Frenzy - CoinDesk
Major cryptocurrency exchanges were experiencing technical issues in heavy trading after news of Tesla’s $1.5 billion bitcoin investment.

එක්වරම සිදුවූ මෙම හදිසි මිල ඉහල යෑම බොහෝ Cryptocurrency Exchanges සඳහා බලපා ඇති අතර Binance, Coinbase, Gemini හා Kraken යන ගනුදෙනු කරන වෙබ් අඩවි පවා අර්ධ ලෙස ක්‍රියා විරහිත කරවීමට මෙය සමත් විය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ CoinDesk වෙබ් අඩවිය භාවිතා කළ හැක.