2014 වසර වන තෙක්, එනම් iPhone 6 ට පෙර 5s මාදිලිය වන තෙක් Apple සමාගමේ දුරකතන එළිදක්වනු ලැබුවේ එක් මාදිලියකින් පමණක් වන අතර, iPhone 6 සමඟින් එය වර්ග දෙකක් වුනු 6 හා 6 Plus ද, එයින් පසුව 2017 වසරේදී iPhone හදුන්වාදීමේදි එය මාදිලි තුනකට වැඩි වුනේ iPhone 8 , iPhone 8 Plus හා iPhone X ලෙසයි.

ඉන් පසුව පසුගිය වසර වන විටත් මේ ආකාරයෙන් ම මාදිලි තුන බැගින් නිකුත් කල ඇපල් සමාගම 2020 වසරේදී ඔවුන්ගේ මාදිලි පෙලට mini නම් වූ ප්‍රමාණයෙන් කුඩා වූ compact phone එකක් ද ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ දින පැවැත්වුණු Apple event එක අතරතුරදී Apple සමාගම විසින් ඔවුන්ගේ මේ නව iPhone 12 mini ජංගම දුරකථනය හඳුන්වාදීමට කටයුතු කරනු ලැබූ අතර මෙහි විශේෂත්වය නම් iPhone 12 සාමාන්‍යය මාදිලියේ ඇති සියලුම අංග වලින් මෙම කුඩා වූ මාදිලියද සමන්විත වීමයි.

මේ අනුව ලොව දැනට නිකුත් කර ඇති බරින් අඩු, ප්‍රමාණයෙන් කුඩාම 5G පහසුකම ඇති ජංගම දුරකථනය මෙය වන බව Apple සමාගම ප්‍රකාශ කර සිටිනවා.

iPhone 8 එක හි body size එකට ඉතා සමීප වන මෙය Super Retina XDR Edge to edge Display එකකින් සමන්විත නිසා display එකේ ප්‍රමාණය අතින් බෙහෙවින් විශාල වෙනවා. අඟල් 5.4 කින් යුත් මෙම තිරය මේ අවුරුද්දේ නිකුත් කල iPhone SE 2 එකද පසු කර යන අතර මෙය Touch ID වෙනුවට Face ID පහසුකමින් සමන්විත වෙනවා.

iPhone 12 හි ඇති Apple A14 Bionic (5nm) chip එක හරහා ම මෙය බළගැන්වෙන අතර hi-performance cores 2ක් සහ low performance cores 4ක් ලෙස සම්පූර්ණ cores 6 කින් සමන්විත CPU එකකින් ද cores 4 කින් සමන්විත GPU එකකින්ද මෙය සමන්විත වෙනවා.

මේ A14 Bionic chip එක මීට පෙර නිකුත් කළ A13 chip එකට වඩා energy efficiency එකේ වැඩි බවත්,  50%කින් වේගවත් වන බවත් Apple සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව iPhone 4, iPhone 4S, iPhone 5 හා iPhone 5s හි දක්නට ලැබුනු කොටු හැඩය නැවතත් ඔවුන්ගේ නිර්මාණ වෙත පැමිනීම බොහෝ Apple පාරිභෝගිකයන්ගේ කැමත්තට හේතුවක් ලෙස පෙන්වාදිය හැකි වෙනවා.

මෙම iPhone 12 mini එක සහ iPhone 12 සාමාන්‍යය මාදිලිය එකම අංග වලින් සමන්විත අතර මෙම මාදිලි ද්විත්වයම 12-megapixel ප්‍රධාන කැමරාවකින් හා ultra-wide කැමරාවකින් සමන්විත වෙනවා.

iPhone වල පෙර තිබුනු වීදුරු තිරයටත් මොවුන් මෙවර 4x ගුණයකින් ශක්තිමත් බවත් එම තාක්ෂණය "Ceramic Sheild" ලෙසත් හඳුන්වාදෙන අතර Ingress Protection (IP Rating) එක IP68 දක්වාද වැඩි දියුණු කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම iPhone 12 සමග හඳුන්වාදුන් තවත් විශේෂාංගයක් නම් ඔවුන්ගේ වැඩි දියුණු කල Wireless Charging විශේෂාංගය වන "MagSafe" තාක්ෂණයයි.

මෙමගින් Qi-Wireless Charges නියමිත් ස්ථානයට ඇලීමට කාන්ඳමක් සහිතව නිර්මාණය කර ඇති අතර සාමන්‍ය Wireless Charges වල මෙන් වැරදි ස්ථානයේ තිබී හෙමින් charge වීම හෝ charge නොවීම වැනි දේ සිදු නොවීමට මේ හරහා වගබලාගනු ලැබෙනවා.

"MagSafe" සමග විශේෂයෙන් එකතු වෙන Chargers සමග Wallet සහිත කවරද, ඇපල් Watch Charger ද හදුන්වා දුන්නේය.

මේ අලුත් iPhone 12 mini මාදිලිය blue, green, black, white, සහ red ලෙස වර්ණ 5කින් ලබාගත හැකි අතර මෙහි මිළ ඇමෙරිකානු ඩොළර් 729ක් ලෙස සඳහන් වෙනවා. එමෙන්ම මීළඟ නොවැම්බර් 6 වැනි දින සිට pre-order කිරීමේ අවස්ථාව ලබාදීමටත්, නොවැම්බර් 13 වැනි දින වන විට වෙළඳපොලට නිකුත් කිරීමටත් Apple සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.