Covid 19 වසංගත තත්වය නිසා ගෝලීය ජංගම දුරකථන වෙළඳපොළ යම් පසුබෑමකට ලක් වී ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

2020 ගෝලීය smartphone වෙළඳපොල බලාපොරොත්තු වූවාට වඩා පහළ යාමක් පෙන්නුම් කරන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි
COVID-19 වසංගත ව්‍යාප්තිය [/tag/covid-19/] නිසා 2020 පළමු කාර්තුවේ දී ගෝලීයsmartphone වෙළෙඳපොළ 10% කින් පමණ පහළ වැටෙනු ඇති බව අනුමාන කෙරෙන බව මීට පෙරලිපියකින් අපි ඔබව දැනුවත් කර ඇති බව මතක ඇති. 2020 පළමු කාර්තුවේදී ගෝලීය Smartphone වෙළඳපොල 10.6% කින් පමණ පහළ වැටෙනු ඇති බවඅපේක්ෂා කෙරේCovid 19 වෛර…

කොහොම නමුත් මෙම වසංගත තත්වය හමුවේ ජයග්‍රහකයා බවට පත්වීමට iPhone 11 මාදිලිය සමත් වී ඇති අතර, ඒ Omdia ආයතනය මගින් සිදු කළ සමීක්ෂණයකට අනුව 2020 පළමු මාස 6 තුළ ලොව වැඩියෙන්ම අලෙවි වූ ජංගම දුරකතනය බවට iPhone 11 පත් වී තිබීමත් සමගයි.

ඒ අනුව iPhone 11 මාදිලියෙන් ලොව පුරා දුරකථන ඒකක මිලියන 37.7 ක් අලෙවි වී ඇති අතර එය පසුගිය 2019 වසරේ මෙම ලැයිස්තුවේ මුල් තැනට පත් වූ iPhone XR මාදිලියට වඩා දුරකථන ඒකක මිලියන 10ක පමණ වැඩිවීමක් වෙනවා.

මෙහි දෙවැනි තැනට පත් වී තිබෙන්නේ දුරකථන ඒකක මිලියන 11.4ක් අලෙවි වූ Samaung Galaxy A51 මාදිලිය වන අතර මෙහි විශේෂත්වය නම් පලමු ස්ථානය ලබා ගත් iPhone 11 හා දෙවන ස්ථානය ලබා ගත් Galaxy A51 මාදිලි දෙක අතර විකුණුම් වෙනස, දුරකථන ඒකක මිලියන 26.3 ක් තරම් විශාල අගයක් ගෙන තිබීමයි.

ලොව දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා වන Huawei සමාගමට මෙම වසරේද මෙම ලැයිස්තුවෙන් ස්ථානයක් වෙන් වී නැති අතර 3, 4, 8 හා 9 යන ස්ථාන, Xiaomi Budget දුරකතන මාදිලි කිහිපයකට හිමි වී තිබෙනවා.

මෙම ලැයිස්තුවේ පළමු 10 න් ස්ථාන 5 ක්ම Apple දුරකථන මාදිලි වෙත හිමිවී තිබීම විශේෂත්වයක් වන අතර Apple සමාගමට, 2019 වසරේ මෙම ලැයිස්තුවේ හිමි වී තිබුණේ ස්ථාන 3ක් පමණයි.

එමෙන්ම 2019 වසරේ මෙම ලැයිස්තුවේ ස්ථානයක් හිමිකරගත් Oppo සමාගමට මෙවර එය අහිමි වී ඇති අතර 2019 වසරේ ස්ථාන 4 ක් හිමිකරගෙන සිටි Samsung සමාගමට 2020 වසරේදී හිමි වී තිබෙන්නේ එක් ස්ථානයක් පමණයි.

iPhone 11 ජංගම දුරකථනයේ ඇති කැමරා පද්ධතියේ විශිෂ්ටත්වය හා එහි මිල සාපේක්ෂව අඩු වීම යන කාරණා මෙලෙස iPhone 11 හි ඉහළ අලෙවියට හේතු වන්නට ඇති බව විශ්ලේෂකයින් මත පළ කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Omedia වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.